Gossip Lanka

ඇත්තටම කට්ටිය මැද්දේ දියරෙද්ද ඇඳලා ඇවිදිනකොට පුදුම ලැජ්ජාවක් දැනුනෙ

අවුරුදු දහයකට කලින් ආසියානු විවාහක රූ රැජින වූ ශ්‍රීමාලි ෆොන්සේකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් සිනමාව තුළ දක්ෂ ලෙස තම රංගන දායකත්වය නිර්මාණයට ලබා දීපු රංගන ශිල්පිනියක්. රූ රැජන  විදියට අභිෂේක ලැබුවට පස්සේ ඇය රඟපෑවේ තෝරා බේරා ගත් නිර්මාණ කීපයක පමණයි.

ශ්‍රී ලංකාවේ ඉඳලා ඇමරිකාවේ පදිංචියට යන ඇය හදිසියේම ලංකාවට එනවා. නමුත් රට තුළ පැවති වසංගත තත්වය නිසා ඇයට ඇමරිකාවට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අතරතුර කාලයේදී    සකර්ම,සුකුමාලි හා මල් පිපෙන කාලය ආදී ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙන්න ඇයට අවස්ථාව ලැබුණා.

ඇය ජීවත් වෙන්නේ නාගරික පරිසරයක. ඒ නිසාම නිතර රංගනයෙන් දායක වෙන්නේ නාගරික යුවතියන්ගේ චරිත වලට. නමුත් ප්‍රථම වතාවට දුක් විඳින ගැහැනියකගේ චරිතයක් තෝරාගෙන කරන්න ඇයට අවස්ථාව උදාවුණා. ඇය සඳහන් කරන්නේ මේ චරිතය ඉතාමත් ආදරයෙන් බාර ගත්තා කියලයි. 

කොහොමද මේ චරිතයට හැඩ ගැහුණේ කියලා ආපුවාම ශ්‍රීමාලි සඳහන් කළේ මුලින් ඒ ගැන බයක් තිබුනත් අධ්‍යක්ෂක තුමා කිව්වලු ඇයට ඒ චරිතය කරන්න පුළුවන් කියලා. මුලින්ම තිබිලා තියෙන්නේ දියරෙද්දක් ඇඳලා නාලා එන දර්ශනයක්. මුලින්ම ඇය ඇවිදගෙන එද්දි අධ්‍යක්ෂකවරයා කියනවා කැට්වොර්ක් දාලා ඇවිදින්න එපා  කියලා. ඇයට ඒ විදිහට ඇවිදලා පුරුදු නිතරම ෆැෂන් ෂෝ වලට ඇය ඒ විදියට ඇවිදින නිසා කියලත් සඳහන් කළා.

මීට කලින් රඟපාන්න දියරෙද්දක් ඇඳලා තියෙනවද කියලා අහපුවාම  ඇය පිළිතුරු දුන්නේ මේ ආකාරයෙන්. කවදාවත්ම නැහැ. මම වැව් වල නාලා නැහැ දොරවල් වල නාලා නැහැ. ඇත්තටම කට්ටිය මැද්දේ දිය රෙද්ද ඇඳලා ඇවිදිනකොට පුදුම ලැජ්ජාවක් දැනුනෙ. ඇය අදහස් දැක්වුයේ එයාකාරයෙන්.

ශ්‍රීමාලී රඟපාන්නේ ගොඩක් ආසාවෙන් ඒකට හේතුව ඇය රඟපාන්න ඇවිත් තියෙන්නෙත් ඇවිදින්න තියෙන ආසාව නිසා. විවිධ දර්ශන සඳහා තැනින් තැනට යන හින්දා ඇයට විශාල සතුටක් ඒ සම්බන්ධයෙන් තියෙනවා කියලත් ප්‍රකාශ කළා. ඉදිරියේදී නැවත වතාවක් ඇමරිකාව බලා යන්න ඇය සූදානම්. නමුත් නාට්‍ය දෙකේම වැඩ කටයුතු ඉවර කරලා යන්න තමයි ඇය තීරණය කරලා තියෙන්නේ.

ඉතින් නැවත වතාවක් ඇමරිකාව බලා පිටත් වුණත් මේ වගේම හොඳ නිර්මාණවලට ඇගේ රංගන දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලත් සඳහන් කළා. ශ්‍රීමාලි ෆොන්සේකා නැමැති මේ සුන්දර කලා කාරිණියගේ ඉදිරි වැඩ කටයුතු දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.