Gossip Lanka

ෆොටෝ ගන්න කොට මුණ හංග ගත්ත ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ සුරූපී දියණිය

කලා ලෝකයේ ජනප්‍රිය තරු පිළිබඳව කථා කරද්දී ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු කියන ආදරණීය යුවල අමතක කරන්නට බැහැ. ඔවුන් මේ වනවිට රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රවීනයන් විදිහට සලකන්න පුළුවන් දක්ෂ කලාකරුවන් දෙදෙනෙක්. ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ මේ ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු පිළිබඳව නම් නෙවෙයි. අපි අද ඔබට කියන්නේ ඔවුන් දෙදෙනාගේ ආදරණීය පොඩි දුව වන තාරුකී අමායා මෙන්ඩිස් පිළිබඳවයි.

ඇත්තටම ඇය ඉතාමත් රූමත් තරුණියක්. හඬ කැවීම් අංශයෙන් ඉතාමත් හොඳ නමක් දිනාගෙන සිටින හඬකැවීම් ශිල්පිනියක් කිව්වොත් තවත් නිවැරදි. ටෙලි කලාව තුළින් හෝ සිනමාව තුළින් අපිට ඇයව දැක බලා ගැනීමට නොහැකි වුණත් ඉදිරියේදී ඒ සඳහා අවස්ථාවක් උදාවේ යැයි ඇය පුංචි ඉඟියක් දෙනවා.

මේ කාලසීමාව තුලදි වැඩිපුර කාර්යබහුල නොවී දෙරණ නාලිකාවත් එක්ක එකතුවෙලා හඬ කැවීම් කටයුතුවලට සහභාගි වන ඇය වේදිකා නාට්‍ය කීපයකත් වැඩ කටයුතු කරනවා කියලා ආරංචියි. මෙච්චර කාලයක් රංගනයට ආවේ නැද්ද කියලා අහපුවහම ඇය සඳහන් කළේ  මම රංගනය පැත්තට ලොකු කැමැත්තක් තිබ්බෙ නැහැ විවිධ අවස්ථාවල දී රංගනයට ආරාධනා ආවත් තිබ්බ අකැමැත්ත හින්දාම භාරගත්තේ නැහැ. කියලයි.

උපන් දා ඉඳන්ම කලා ලෝකය පිළිබඳව ඇය නිතරම අහනවා දකිනවා. ඒ ගත කරපු ළමා කාලය පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මේ විදියට. ළමා කාලය ගත්තහම මම ෆොටෝ එකට වත් පෙනී ඉන්න කැමැති කෙනෙක් නෙවෙයි. අම්මගේ තාත්තගේ අඳුරන පත්තර වල ඡායාරූප ශිල්පීන් දැන් හමුවුණාම අහන්නේ මේ අනේ අර ෆොටෝ ගන්නකොට මූන හංගගන්න කෙනා නේද කියලා. එච්චරට හැමෝටම මතකයි මම ෆොටෝ එකට වත් ඉන්න කැමති නැහැ.

තාරුකී  හරිම නිශ්ෂබ්ද එවගේම ලැජ්ජාශීලී ළමයෙක්. ඒ නිසා වැඩිපුර ඡායාරූපවලට පෙනී සිටින්න පුංචි කාලේ ආස වෙලා නැහැ. ලැජ්ජාශීලී නිසාමද කොහේ රංගනයට ඇය තුළ වැඩි කැමැත්තක් නැත්තේ. අම්මා තාත්තා රඟපාද්දී  වෙනත් රංගන ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ දෙමව්පියන් බවට පත්වෙනවා. ඒ වෙද්දී නම් පුංචි කාලේ ඒවා දකිද්දී තාරුකී ට ගොඩක් ඉරිසියා හිතලා තියෙනවා. ඒ පිලිබඳවත් ඒ සොඳුරු මතකය ඇය අවදි කළේ මේ විදිහටයි.

ඒ  කාලෙනම් ඉරිසියාවක් හිතුනා මොකද සමහර නාට්‍යවල විශ්ව කොඩිකාර අයියා හරි කාවිංග අයියා හරි අම්මා එක්ක රඟපාද්දී ගොඩක් සමීප වෙනවා. එදා පටන් අම්මා කියලා තමයි කතා කරන්නේ. ඉතින් අපිට හරි තරහයි අපි අහන්නේ ඇයි එයාලා අපේ අම්මට අම්මා කියන්නෙ කියලා. පොඩි කාලේ එහෙම  උනාට දැන් නම් එහෙම කතා කරනකොට දැනෙන්නෙ ලොකු සතුටක්.

ඉතින් ඉදිරියේදී හඬ කැවීම් වලින් මීටත් වඩා හොඳ දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න ඇය  බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතාමත් සුන්දර තරුණියක් වන තාරකීට ඇගේ ඉදිරි ජීවිතය දිනෙන් දින ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.