Gossip Lanka

මගේ ජීවිතේ වෙච්ච ඒවා කියද්දී සමහරක් අය ඒක අදාල කරගෙන තොප්පිය දාගත්තා  සුජීවා කියන අලුත් කතාව

ගායන ලෝකය තුළ කොයි කවුරුත් ආදරේ කරන ඒ වගේම ප්‍රසංග වේදිකාව තුළ නැතිවම බැරි චරිතයක් බවට පත් වෙච්ච ආදරණීය ගායන ශිල්පිනියක් තමයි කේ සුජීවා කියලා කියන්නේ. ඉඟිමරන තරු රෑන කියන ගීතය හරහා බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනා ගත්තු ඇය ඔන්න අවුරුදු දහ අටකට පස්සේ ආයෙමත් අලුත් නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් හමු වෙන්න ඇවිල්ලා. ඒ සුන්දර ගීයකි ආදරය කියන ගීත නිර්මාණය එක්කයි.

ඉතින් ඇය මේ පිළිබඳව අදහස් දක්වන මේ විදිහට. ‘ ආදරය හරිම සුන්දර දෙයක් නේ. ඒ නිසා සුන්දර ගීයකි ආදරේ නමින් අලුත්ම ගීතය රසිකයන්ට තිළිණ කළා. පාදා දුන් ආකාසේ ගීතයට පස්සේ මගෙම  නිෂ්පාදනයක් විදිහට කරපු සුන්දර ගීයයි ආදරේ පසුගිය එකොළොස් වැනිදා හවස පහයි එකට එළිදැක්වූවා.

ඉතින් මේ ගීතය හරියටම එළිදක්වන්නේ සවස 5යි 1 ට. මේ වෙලාවට ගීතය  ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න ඇය විශේෂ නැකතක් බැලුවද කියලා අහපුහම සඳහන් කළේ ඇය ඒ දේවල් විශ්වාස නොකරන බවත් ඉල්ලීමකට අනුව ඒ වෙලාවේ ගීතය එළි දැක්වුවා කියලයි. කෙසේ නමුත් මේ ගීතයට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් මේ වෙද්දි ලැබෙනවා.

මේ නිර්මාණය දිහා බලද්දි  එහි සංගීත අධ්‍යක්ෂණය සිද්ධ කළා තියෙන්නෙ සුජීවාගේ ආදරණීය බාල දියණිය වන රෝස් ඉතින් ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්ණයක් තමයි මේ වගේ වයසක ඉන්න කෙනෙක්ට සංගීත අධ්‍යක්ෂණය කරන්න පුළුවන්ද කියන දේ. සුජීවා සඳහන් කරන්නේ ඇගේ ආදරණීය පියා සංගීත අධ්‍යක්ෂවරයෙක් එවගේම අම්මා සංගීත ශිල්පිනියක් නිසා ඇය හැදී වැඩුණු පරිසරයේ ආභාෂය එක්ක ඒ දේවල් නිතැතින්ම උරුම වුනා කියලයි.

පසුගිය කාලසීමාව තුළදී අජිත්  මුතුකුමාරණ සමග යුග ජීවිතයක් ගත කරපු අය මේ වෙද්දී ජීවිතයට සමුදීලා තනිකඩව තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඇයගේ ජීවිතය ආර්ථික් අතිනුත් මානසික අතිනුත් සෑහෙන පහළ මට්ටමකට තල්ලු කරලා යන්න ගියපු කෙනා ගියා කියලා විවිධ අවස්ථාවන් වල දී ඔවුන්ගේ සාකච්ඡාවන් ඔස්සේ අපිට අහන්න ලැබුණා.

ඉතින් මේ සියලුම දේවල් අහගෙන හිටපු අජිත් මුතුකුමාරණ හදිස්සියේම ලයිව් ඇවිල්ලා සුජීවා සහ ආදරණීය දියණියන් කියපු සමහර දේවල් වලට ප්‍රසිද්ධියේ ම බැන වදින්න පටන් ගත්තා. ඉතින් ඒ සිද්ධියේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් සුජීවට පසුගිය දවස්වල විරහා වේදනාව ටයි චෝදනා වලටයි එක්ක සේ මුහුණ දෙන්න සිද්ධ වුණා. එය පිළිබඳව ඇය අදහස් දක්වන්නේ මේ විදිහටයි.

මගේ ජීවිතයේ මම කාටවත් චෝදනා කරලා නැහැ. හැබැයි මම මගේ ජීවිතයට වෙච්ච දේවල් කිව්වා ඒ වෙලාවේ ඇතැමුන් එක තමන්ට කරගත්තා. මම ප්‍රතිපත්තියක් විදියට මගේ ජීවිතය ලගින් කවුරුන් හෝ හිටියනම් වේලක් හරි එකට කෑම ටිකක් කෑවා නම් ආදරෙන් හිටියා නම් ඒ වගේ කෙනෙකුට ආපහු හැරිලා පහර ගහන්න තරම් පහත් තත්වෙට වැටෙන්නේ නැහැ.

ඇය  ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූයේ ඒ විදිහට. නමුත් මාධ්‍ය තුළින් මේ කතාබහ දිගින් දිගටම ගියපු නිසා  යම්කිසි හානියක් ඔවුන්ගේ චරිත වලට සිද්ධ වුණාද කියලා අහපුවාම ඇය සඳහන් කළේ මාධ්‍ය මගින් ඇයට හානියක් වුණේ නැහැ කියලයි. ඒවගේ මේ කිසිම දෙයක් ඇය ජීවිතයේ මහලොකුවට හිතන්නෙ නෑ කියලා සඳහන් කළා.

තනි මවක් විදිහට තමන්ගේ දරුවන්ගේ සියලු වගකීම් හරියාකාරව ඉටු කරන ඇය ඇඳුමක් ගත්තත් තමන්ගේ දියණියන් දෙදෙනාට අඳින්න පුළුවන් ඇඳුමක් තමයි ගන්නේ. ඒ තරම් මේ පවුල ආදරණීයයි සහ හොඳ බැඳීමක් තියෙන පවුලක්. ඉතින් ඔවුන්ගේ ඉදිරි ජීවිතය තුළත් මේ ආකාරයෙන්ම සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.