මම කෙලින් කතා කරන කෙනෙක්.ඒ වගේම මම ශක්තිමත් ගැහැනියක්. වෙලාවකට මට කේන්ති යනවා
සාර්ථක රංගන ශිල්පිනියක් කියන්නේත් සෑම ක්ෂේ සෑම ක්ෂේත්‍රයකදීම එහෙමත් නැත්නම් සිනමාව වේදිකාව ටෙලිනාට්‍ය ක්ෂේත්රය කියන්නා වූ මේ සෑම තැනකදීම තමන්ගෙ දක්ෂතාවයන් පෙන්වන කලාකාරිනියන්.ඒ විදිහට හැම තැනකදීම තමන්ගේ රංගනය වෙනුවෙන් උපරිම සාධාරණත්වයක් ඉෂ්ට කරන සුන්දර කලාකාරිනියක් තමයි සුලෝචනා වීරසිංහ කියන්නේ.
ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට අපි හඳුන්වන්නේ මොකද දන්නවද පසුගියදා පැවැති රයිගම් සහ සුමති සම්මාන උළෙලේ දී හොඳම සහාය නිළියට හිමි සම්මානය ලබාගන්න ඇය වාසනාවන්ත උන නිසා.ඒ වගේම තමයි සම්මාන උළෙලවල් වලදී නිරන්තරයෙන්ම ඇගැයීමට ලක් වෙන ඇය මෙවැනි සම්මාන 11ක් දිනාගන්න තරම් දක්ෂ රංගන ශිල්පිනියක් වුණා.ඉතින් මෙතෙක් ආ ඒ ගමන් මඟ පිළිබඳව ඇය කිව්වේ මේ වගේ කතාවක්.
“රඟපෑමෙන් වේදිකාව ටෙලිනාට්‍ය සහ සිනමාව නිර්මාණවලට මම දායක වුණේ සම්මාන බලාගෙන නෙමෙයි.මම සම්මාන අරබයා රඟපෑවේ නැහැ.ලැබුණු චරිතය අධ්‍යක්ෂවරයා සමග කතා කරගෙන පිටපතේ මවලා තිබුණු විදිහට මගේ උපරිමය ලබා දෙන්න උත්සාහ කළා. රංගනය මම උපරිමය වෙනුවෙන් කැප වෙනවා ඉතින් ඒකට ලැබුණු දේ තමයි මේ සම්මානය.සම්මානය කියන ඇගැයීමක් ඒක සතුටට කරුණක් කැම්පස් එකේ සිටි කාලෙදි මම ප්‍රථමයෙන් රඟපෑවේ කෙටි චිත්‍රපටයක”
එදා ඒ කෙටි චිත්‍රපටයේ චිත්‍රපටිය රඟපෑවට පස්සේ ඇය කවදහරි සම්මානනීය රංගන ශිල්පිනියක් වෙනවා කියන තිත සිතුවිල්ලෙන් තමයි මෙතෙක් මේ ගමන සාර්ථකව එන්නේ.ඒ වගේම තමයි සේ ත්‍රය තුළ වැඩ කටයුතු කරද්දී ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි සුදර්ශනී එහෙමත් නැත්නම් සුලෝ කියන්නෙ කියන්න තියෙන දේ කෙළින් කියන චරිතයක් කියලා.ඉතින් ඇය ඇය ගැන කිව්වේ මේ වගේ දෙයක්.
“මම ගැන කිව්වොත් ඒ සියලුම ස්වභාවයන් මා තුළ තියෙනවා වෙලාවකට සාම්ප්‍රදායික ගැහැනියක් තවත් වෙලාවකට රැඩිකල් ගැහැණියක් ඒ වගේම විවිධාකාරයි.ඒ කොහොම උනත් මම සෘජුව කතා කරන කෙනෙක් වෘත්තීය ජීවිතේ ඉතාම කැපවීමෙන් කැමැත්තෙන් වැඩ කරන කෙනෙක් සහ වැඩ කරන්න කැමැති කෙනෙක්. අනෙක් අය එක්ක මිත්‍රශීලී චරිතයක් ඒ හින්දම එදා මගෙත් එක්ක පළමු ශ්‍රේණියේ සිටි අය පවා අදටත් මිත්‍රශීලී.ඒ වගේ මම ශක්තිමත් ගැහැනියක් සමහර අවස්ථාවන් වලදී මට හොඳටම තරහ යනවා.”
එදින ඒ විදිහට තමන් ගැන සහ කලාව ගැන අදහස් දක්වපු ඇයට තවත් විශිෂ්ට නිර්මාණයන් සමඟ එකතු වෙන්න අවස්ථාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු