උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා මම ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකට ගියා. දැන් ආචාර්ය උපාධියට සූදානම් වෙනවා
මේ දිනවල පුංචි තිරයේ විවිධ ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන්ගෙන් නෙත ගැටෙන මේ සුන්දර කලාකරුවා කලාවට ආධුනික රංගන ශිල්පියෙක් නෙවෙයි.එදා සමනල සන්දවනිය චිත්‍රපටයන් තමන්ගේ රංගන වපසරිය ප්‍රේක්ෂකයන්ට පෙන්වූ ඔහු නමින් සූර්යා දයාරුවන්.
රඟපානවා වගේම ඔහු අතිශයින් දක්ෂ ගායන ශිල්පියෙක්.ඔහුගේ ගායන කුසලතාවයත් රංගනය වගේම තමයි.මුලින්ම සිනමාවෙන් දැකගත හැකි වුනු ඔහු අද වෙද්දි ඒ පුංචි තිරයටත් වේදිකාවටත් සම්බන්ධ වෙලා ඉන්න දක්ෂ කලාකරුවෙක් වෙලා අවසන්.ඉතින් සූර්යයා කලාවට අවතීර්ණ වෙච්චි අතීතය ගැන කිව්වේ මේ වගේ කතාවක්.
මම මුලින්ම සම්බන්ධ වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ සමනල සංධවනිය චිත්‍රපටයට.මට තාම මතකයි මම මුලින්ම මගේ රංගනය දැකපු දවස.ඒක මට සෆ්ප්‍රයිස් එකක් කවදාවත් මම රංගන ශිල්පියෙක් වෙන්න හිතුවේ නෑ මට ගායකයෙක් වෙන හීනයක් තිබුණා. ඒ නිසා ඒ ගායකයා මේ වගේ පුළුල් තිරයකින් දකින්න ලැබේවි කියලා කවදාවත් මම හිතුවේ නෑ”
ඔහු රංගනයට ආවට ඔහුගේ පවුලේ සියලුම දෙනා මේ වෙද්දි සතුටු වෙනවා කියලත් සූර්යයා සඳහන් කරනවා ඒ වගේම තමයි.ඒ සියලුම දෙනාගෙන් ඔහුට ලැබෙන්නේ විශාල උදව් උපකාර මේ රංගන ජීවිතය සාර්ථක කරගන්න.පුංචි කාලෙදි ජාතික රූපවාහිනිය ලමා වැඩසටහන් වලට සහභාගී වෙච්චි ඔහු ඒ වැඩසටහන් හරහා ගීත ගායනා කරලා තියෙනවා.හැබැයි සමනල සංදවනිය කළාට පස්සේ තමයි ඔහුගේම කියලා ගීතයක් කල එළි දකින්නේ.
කලාකරුවෙක් විදිහට වෘත්තිමය ජීවිතය තුළින් ඉදිරියට යද්දී ඔහු අධ්‍යාපනික පැත්තෙනුත් තමන්ගේ සුදුසුකම් එකිනෙක සපුරා ගන්න දක්ෂ තරුණයෙක්.ඉතින් ඒ දේවල් ගැන සූර්යයා කිව්වේ මේ වගේ කතාවක්.
“අපි මොන දේ කළත් අපි අධ්‍යාපන වටපිටාව හදා ගන්න ඕනේ එක තමයි අංක එක විය යුත්තේ.අධයාපන නිසා ජීවිතයේ බොහෝ දේවල් ජයගන්න පුළුවන් අනෙකාට ගරු කිරීම.පෞරුෂත්වය ඉවසීම දරාගැනීම මේ හැමදේම අධ්‍යාපනය තුළින් අපිට කියලා දෙනවා.මම සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා ඉගෙන ගත්තට පස්සේ ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකට ගියා.අද වෙද්දි මම ආචාර්ය උපාධියට සූදානම් වෙනවා මේ හැමදේම අතර මම චිත්‍රපටි 10 ක ටෙලිනාට තිස් හතරකට සම්බන්ධ වෙලා තියෙනවා”
ඒ විදිහට සියලුම කාර්ය බහුල වැඩකටයුතුත් එක්ක වුණත් ඔහු රංගනයට දෙන්නෙ ප්‍රධාන තැනක් ඉතින් ඔහුගේ ඉදිරි ජීවන වැඩකටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.