Gossip Lanka

මම අසනීප උනහම ඕක කිමෝ එකක් දෙකක් කරහම හරි යනවා කියලා මගේ හිත හැදුවේ දුව

සුසන්තා චන්ද්‍රමාලි කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ කොයි කාගේත් ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් සිනමාව තුළත් විවිධ නිර්මාණයන් ඔස්සේ අපිට දැක බලා ගැනීමට හැකියාව ලැබුණා.

මේ සොඳුරු රංගන ශිල්පියෙක් ගැන කතා කරද්දි ඇය විසින් රංගනයෙන් දායක වූ රං කෙවිට ,නිදහසේ පියා ආදී සිනමා නිර්මාණයන් ඉන් ප්‍රධාන වෙනවා. 1964 පෙබරවාරි 21 වැනි දින උපත ලබන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය විවාහ වෙන්නේ කුමරු ලියනගේ නැමැති තැනැත්තෙක් සමගයි. ඔහු වෘත්තියෙන් නැවක සේවය කරන පුද්ගලයෙක්.

ස්වාමි පුරුෂයා නැව් රස්සාව කරන නිසා ගෙදර දොරේ හැම වැඩක්ම කරන්න වගකීම පැවරුණේ සුසන්තට. ගෑස් ගේන්න යන්නේ එළවළු ටික ගන්න යන්නේ ඒ වගේම ගෙදර සියලුම අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ ඇය විසින්. සුසන්තගේ ආදරණීය දියණිය තමයි තිසරි යුවනිකා කියලා කියන්නේ ඇයත් කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක්ගේ ආදරේ දිනා ගත්තු දක්ෂ රංගන ශිල්පිනියක්.

ඉතින් මේ පවුල ඉතාමත් සතුටින් කාලය ගත කරද්දි  මේ ආදරණීය රංගන ශිල්පිනිය වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය හදිස්සියේ  අසනීප වෙනවා. එනම් ඇය පියවුරු පිළිකා රෝගයෙන් පෙළනවා කියලා වෛද්‍යවරුන් තීරණය කරනවා. ඒ සමගම ඇයව ප්‍රතිකාර සඳහා යොමු කරන්න තීරණය කරනවා.

ඉතින් මේක ඇහුවට පස්සේ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය බොහෝ සෙයින්  කලබලයට පත් වෙනවා. ඊට පස්සේ හැම වගකීමක් ම කරට අරගෙන කටයුතු කරලා තියෙන්නෙ ඇගේ ආදරණීය දියණිය. පසුගිය දවසක රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් සුසන්තා මහත්මිය ඒ පිළිබඳව සඳහන් කළා.

ඇය සඳහන් කළේ තමන්ගේ ආදරණීය දියණිය හැම අවස්ථාවේදීම ඇගේ හිත හැදුවා කියලයි. අම්මා ඕක සුළු දෙයක් ඕක හැමතැනම තියෙන දෙයක්. කිමෝ එකක් දෙකක් කරද්දී ඕක ඇරිලා යනවා. බයවෙන්න දෙයක් නැහැ. යනුවෙන් නිතරම තමන්ගෙ දුව  හිත හැදුවා කියලා ඇය සඳහන් කළා.

ඒ වගේම මෙතෙක් සියලුම ගෙදර වැඩ කළේ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය. නමුත් අසනීප වුණාට පස්සේ සියලුම බර කරට අරගෙන  කරලා තියෙන්නෙ මේ ආදරණීය දියණියයි. කිසිම විටක තමන් බයවෙලා කියලා පෙන්නපු නැති තිසරි හැම වෙලාවෙම තමන්ගෙ අම්මට ශක්තියක් වෙලා ලගම ඉඳලා තියෙනවා.

මේ වෙද්දි ඇය දැන් ගොඩක් දුරට මේ රෝගයෙන් සුව අතට හැරිලා. රෝගී වෙන්න කලින් ඉඳන් මේ ඇය ශරීර සෞඛ්‍යය ගැන ඇය හොඳ අවධානයෙන් ඉඳලා තියෙනවා. සෞඛ්‍යයට අගුණ දෙන කෑමක්වත් ඇය ආහාරයට එකතු කරගෙන නැහැ. ඉතින් එච්චර පරිස්සං වුණු කෙනාට මේ වගේ ලෙඩක් හැදුනේ කොහොමද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බලු. ඒ කෙසේ නමුත් අවසානයේ ඇයට මේ අමාරු තත්ත්වයෙන් ගොඩ එන්න වාසනාව ලැබුනා.

ඉදිරියේදිත් කිසිම ලෙඩක් දුකක් නැතිව ඉතාමත් සාර්ථකව ජීවිතය ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ඇයට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.