මගේ දුවයි පුතයි රට ඉන්නේ.පිළිකාව ගැන ආරංචි වුණහම තිසූ ලංකාවට එන්න දගලනවා
අපේ කලා ලෝකය තුළ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ.පසුගිය කාලසීමාව පුරාවටම ඇය පිළිබඳව ගොඩක් දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා
ඒකට හේතුව 2020 වර්ෂයේ දී ඇය පියවුරු පිළිකාමය රෝගී තත්ත්වයකට මුහුණ දීලා ඒකෙන් සම්පූර්ණ සුවය ලැබුවත් නැවත වතාවක් මේ අවුරුද්දේදී ඇය ආයෙමත් පිළිකා රෝගයට මුහුණ දීපු නිසා.
ඇත්තටම දිගින් දිගට කරපු වෛද්‍ය පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට දෙවෙනි වතාවටත් ඇයට ඉතාමත් ඉක්මනින් තමන්ගේ රෝගී තත්ත්වය ගැන දැන ගන්න අවස්ථාව ලැබුණා.මේ රෝගී තත්ත්වය ප්‍රයෝජනයට ගත්ත ගොඩක් සමාජ මාධ්‍ය වල ජීවත් වන ජනතාව ඇය වෙනුවෙන් අසත්‍ය ප්‍රචාර නිර්මාණය කරන්නත් අමතක කරේ නැහැ. එනිසාම දෙවැනි වතාවටත් මතුවෙච්ච රෝග ලක්ෂණ ගැන සහ ඒ රෝගය ගැන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය ඇත්තම කිව්වේ මේ විදියටයි.
“එදා ඉදලම බොහෝ පරීක්ෂණවලට භාජනය කරමින් මගේ සියලු ප්‍රතිකාර අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු සීයට සීයක් නෙමේ සීයට දෙසීයක් ඉතා හොඳින් සිදු කළා.සමහර වෙලාවට බේත් හේත් ටික පිටින් අරන් දෙන්න වුණා. රෝගී තත්ත්වය ගැන හරි අවබෝධයකින් කටයුතු කරපු නිසා දෙවෙනි වතාවටත් මට ඒ රෝගී තත්ත්වයට මුහුණ දෙන්න වෙලා කියලා කලින්ම මම දැනගත්තා”
ඒ වගේම තමයි රට තුළ බෙහෙත් අර්බුදයක් තියෙන නිසා ඇයට සිද්ධ වෙනවා අධික මුදලක් දීලා මේ සඳහා අවශ්‍ය කරන බෙහෙත් ලබාගන්න.හැබැයි මේ වෙලාවේ ඇයට ඒ සඳහා සදහා ලොකු මුදලක් වියදම් කරන්න තරම් ආර්ථික වත් කමක් නැහැ. ඒනිසාම ගොඩක් දෙනෙක් ගෙන් ඇය උදව් ඉල්ලලා තිබ්බා. නමුත් බොහෝ දෙනෙක් ඇයට උදව් කරනවා කියලා පුහු ආඩම්බරකමකින් බොරු දේවල් සමාජ මාධ්‍ය පුරාවට ප්‍රචාරය කරපු නිසා ලැබෙන්න තිබ්බ උදව් උපකාරත් ලැබුණේ නැහැ කියලා ඇය සඳහන් කරනවා.ඒ වගේම තමා ඒ පළමු වතාවට ඇය රෝගී වෙද්දිත් ඇය ගාවම ඉඳගෙන හැමදේම කළේ ඇයගේ ආදරණීය දියණිය වන ජනප්‍රිය රංගන ශිල්පිනිය තිසුරි යුවනිකා.හැබැයි දෙවැනි වතාවේ සුසන්ත මහත්මයා අසනීප වෙද්දි ඇය ළඟ නෑ.ඒ දේ ගැන සුසනත්ද් කිව්වේ මේ වගේ කතාවක්.
“දෝනි මේ වෙද්දී එයාගේ සැමියත් එක්ක විදේශ ගත වෙලයි ඉන්නෙ.ඒ දෙන්නාගේම උසස් අධ්‍යාපන කටයුතු සඳහා එයාල ගිය අවුරුද්දේ දෙසැම්බර් 29 තමයි ගියේ.ඒ ගිහින් සතියක් වත් ගත වුණේ නෑ ජනවාරි මුල මේ ආරංචිය ලැබුනා.තිසූ ලංකාවට එන්නම දඟලනවා.හරි අමාරුවෙන් තමයි මම ඒ ගමන වළක්වා ගෙන ඉන්නේ.මොකද ඒ දෙන්නා එයාලගේ ජීවිතෙ ගොඩනඟා ගන්න ලෑස්ති උනා විතරයි.අනික මම ගැන හොයලා බලන්න කුමරු මගේ අම්මලා නංගිලා වගේම අපේ පවුල් වල සියලුම ඥාතීන් ඉන්නවනෙ.කුමරුත් ලොකු හිත් වේදනාවකින් ඉන්නවා කියලා මම දන්නවා ඒත් එයා ඒ කිසි දෙයක් මට පෙන්වන්නේ නැතුව මාව දිරිමත් කරමින් මේ ගමන යනවා.”
ඉතින් ඔන්න ඔය විදියට තමයි රෝගී තත්ත්වය ගැන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය මහත්මිය අදහස් ඉදිරිපත් කරලා.ඉතින් ඉතාමත් ඉක්මණින් ඇයට නිරෝගී සුවය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.