Gossip Lanka

රටම හොල්ලපු proposal එකකින් යුග දිවියට ගිය නලින් පෙරේරා ගේ ආදරණීය දියණිය

නලින් පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතක සටහන් රැසක් බිහි කරපු නිර්මාණය කරපු අතිදක්ෂ සංගීතවේදියෙක්. මංගල උත්සව අවස්ථාවන්වලදීත් විශේෂ ප්‍රාසාංගික උත්සව පැවැත්වෙන අවස්ථාවන් අවස්ථාවන්වලදී නලින් පෙරේරාගේ සංගීත කණ්ඩායමට අනිවාර්යෙන් මේ සඳහා සහභාගි වෙන්න ආරාධනා ලැබෙනවා.

ඒ විදිහට සංගීත ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් දන්න කියන පුද්ගලයෙක් බවට පත් වෙච්චි ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව කතා කරද්දි හරිම සුන්දර  ජීවිතයක් ඔහුට හිමි වෙලා තියෙනවා. ඒ ජීවිතය තුළ  නලින් පෙරේරා ගොඩක් සෙනෙහසින් ආදරේ කරන එක්තරා චරිතයක් ඉන්නවා ඒ ඔහුගේ ආදරණීය දියණිය වන ස්වේතා පෙරේරායි.

ස්වේතා සහ නලින් නලීන් පෙරේරා ගොඩක් සමීප ව සමීප ව තාත්තයි දුවයි විදිහට ඉන්න දෙන්නෙක්. සමහර වෙලාවට ස්වේතා තමන්ගෙ තාත්තත් එකතු කරගෙන tik tok video පවා කරනවා. ඒ වගේම තමයි නලින් පෙරේරා තමන්ගේ ආදරණීය දියණියට උගන්නන්න  තීරණය කරන්නේ විදෙස් විශ්වවිද්‍යාලයක් හරහා. ඇය විදෙස් අධ්‍යාපනයත් හදාරලා උපාධිය ලබා ගන්න වාසනාවන්ත වුණා.ඉතින් මේ විදියට තාත්තාගේ අම්මාගේ හුරතලේ මැද හැදී වැඩුණු මේ සුන්දර දියණිය අද දින (04) උතුම් යුග දිවියට පිවිසුණා එයාලා බොහෝ දෙනෙක් දන්නවා.

ඇය මේ විදිහට විවාහ වීමට පෙර ඇයගේ ආදරණීය පෙම්වතා ඇය වෙනුවෙ සප්‍රයිස් ප්‍රොපෝසල් එකක් කරනවා.  ඒක හරිම ආදරණීය මොහොතක් ඒ අවස්ථාවේදී ගොඩක් දෙනෙක් ඔවුන් දෙදෙනාටම සුබපැතුම් එකතු කරලා තිබුණා. ඊට පස්සේ පෙරදින ඇයගේ හිත මිතුරන් රැසක් එකතු වෙලා ඇයට bride to be පාටියක් පවා සංවිධානය කරලා තිබ්බා.

ඒ සියලුම දේවල් එක්ක හරිම ලස්සනට ඇඳලා පල්ලියේ දී චාරිත්‍රානුකූලව විවාහ වුණු ඇය තමන්ගේ  ආදරණීය තාත්තත් එක්ක මොහොතක් සංවේදී වුණා. ඒ ආදරණිය  තාත්තා පිළිබඳව පසුබිමෙන් ඇසෙන ගීතිකාවක ඇය නලින් පෙරේරා ගේ අත්දෙක අල්ලාගෙන සංවේදී වීමත් සමඟයි. කෙසේ නමුත් අද දින යුග ජීවිතයට ගිය ස්වේතා සහ ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයාට හදවතින්ම   ගොඩක් දෙනෙක් සුබපැතුම් එකතු කරලා තිබුණා. ඉතින් අපිත් ඇයට හදවතින්ම සුබ දිවියකට සුබාසිරි  එක් කරන්නෙමු. ඔබට සුභ මංගලම්.