Gossip Lanka

මම මහත්තයා එක්ක යනවට එයාලා අකමැතියි.කොච්චි කණ්ඩායමෙන් අයින් වුණේ ඒකයි

ටෂ්නි චතුරංගි පෙරේරා කියලා කියන්න derana dream star season 3 තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් සිවුවැනි ස්ථානය දිනා ගත් දක්ෂ ගායිකාවක්. ඇයට කවදා හරිම දවසක ගායිකාවක් වෙන්න ඕන කියන අරමුණ තිබිලා නැහැ. කොහොමහරි රැකියාවක් කරන්න ඕනේ කියන දේ තමයි හිතේ තිබිලා තියෙන්නේ. නමුත්  ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය ඔස්සේ ඇයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා ඒ අදහස වෙනස් වෙලා ගායිකාවක් විදිහට ක්ෂේත්‍රයට එන්න තීරණය කරනවා.

ටික කාලයක් නිහඩ වෙලා හිටපු ඇය ආයේත් අපට දකින්නට ලැබුනේ කොච්චි කියන සංගීත කණ්ඩායමත් එක්ක. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වුවේ මේ ආකාරයෙන්. වසර තුනකට විතර පස්සේ මම ආයෙම සංගීත ක්ෂේත්‍රයට එන්නේ මගේ මහත්තයා නිසා. ආයෙම පොඩ්ඩ පොඩ්ඩ සංගීතයට නැඹුරු වෙද්දී උපේඛා අක්කා මට ඇමතුමක් දීලා කිව්වා මෙහෙම girls band එකක් හදන්න යනවා කැමතිද කියලා. ඒ වෙද්දි කොච්චි කියන නම වත් දාලා තිබුණෙ නැහැ. උපේඛා කියන්නේ මම හරිම කැමැති චරිතයක්. ඒ නිසා දෙපාරක් හිතන්නෙ නැතුව මම කැමතියි අපි වැඩේ පටන් ගමු හොඳට කරමු කියලා කිව්වා.

ඇය ඒ විදියට තමයි මේ සංගීත කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ වෙද්දී ඇය මේ කණ්ඩායමේන් අයින් වෙලා. ඒ පිළිබඳව විවෘතව ඇය වැඩිදුර අදහස්  ප්‍රකාශකරලා තිබ්බේ මේ ආකාරයෙන්. අපි කණ්ඩායමක් විදියට ලස්සනට මේ වැඩේ කරගෙන ආවා. ඒ අතරතුර පොඩි පොඩි ප්‍රශ්න කිහිපයක් මතුවුනා. ඇත්තම කිව්වොත් අද වෙනකම් මම විදෙස් සංචාර තනියම ගිහින් නෑ. අද මම විවාහ වෙලා හිටියත් මට තනියම එහෙම සංචාරය යන්න බැහැ. එහෙම යන්න වුවමනාවක් නැති නිසා තමයි කොච්චි කණ්ඩායමෙන් ඉවත් වුණේ.

මොකද ඉදිරි සංචාර කීපයකට ඇරැයුම් ලැබිලා තියෙනවා. ඒ අය මගෙන් ඉල්ලීමක් කළා මේ කාලේ තියෙන ප්‍රශ්න එක්ක තනියම තමා සහභාගී වෙන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් මම මහත්තයා සමග සහභාගි වනවාට ඔවුන්ගේ අකමැත්තක් තිබ්බේ. ඒ හේතුවෙන් මම ඒ අය අපහසුතාවයට පත්වන නිසා මම කිව්වා අයින් වෙන්නම් කියලා.

ඇය අදහස් දැක්වූයේ ඒ අයුරෙන් ඒ වගේම ටෂ්නි කියන්නේ ඇගේ ජීවිතයේ පවුල කියන්නේ ඉතාමත් වැදගත් දෙයක් කියලා. ඒ නිසා මහත්තයත් එක්ක එකතු  වෙලා තනියම සංගීත ක්ෂේත්‍රයේ ගමනක් යන්න ඇය තීරණය කර අවසන්. මේ වෙද්දි ටෂ්නි ගේ අඩුව පුරවන්නට කණ්ඩායමට තවත් අලුත් කෙනෙක් ඔවුන් ඇරගෙන තියෙනවා. අලුත් සාමාජිකාව ටත් ඇය හදවතින්ම සුබ පතනවා.

කොච්චි කණ්ඩායමෙන් අයින් වුණාට හිත් අමනාපකම් ඒම තියෙනවද කියලා අහපුහම ඇය කිව්වේ එහෙම හිත් අමනාප කමක් නැහැ කියලා ඉස්සර වගේ නිතර කතා නොකළත් කොහෙදි හරි හමුවුණාම කථා කරනවා කියලත් ඇය ප්‍රකාශ කළා. මේ වෙද්දී ආදරණීය පුතෙකුගේ මවක් වන ටෂ්නි ඉදිරියේදී අලුත්ම සංගීත කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කියලා ආරංචියි.

ඉදිරි කාලය තුළදී ටෙලි නාට්‍යයත් සමග සම්බන්ධ වෙන්න ඇයට විවිධ ආරාධනා ඇවිල්ලා තියෙනවා. නමුත් රංගනයට ඇය එතරම් දක්ෂතාවයක් නැති නිසා  දිගටම සංගීත ක්ෂේත්‍රයේ ඉන්න බලාපොරොත්තු වෙනවා කියලත් සඳහන් කළා.ඉතින් ඇගේ සියලුම ඉදිරි වැඩ කටයුතු ඒ අයුරෙන්ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.