Siri Lankawa

Web Postal

මම හීනෙන්වත් නොහිතපු විදිහට මට ආදරේ හම්බවුණා එයා මගේ සහෝදරයෙක් වගේ

තිසුරි යුවනිකා කියන්නේ  පුංචි තිරයේ විවිධ ටෙලි නිර්මාණ හරහාත්  රිදී තිරය සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු නිහතමානි කලාකාරිනියක්.ඇයගේ ආදරණියම මව තමයි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය. පසුගිය කාලය පුරාවටම සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය කියන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පිළිබදවත් වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තා.

ඒ අයගේ පියවුරු පිළිකා මේ රෝගී තත්ත්වය නැවත වතාවක් ඇතිවීම නිසයි.කොහොම නමුත් අවුල් එකම දරුවා විදිහට තිසුරි හැමදාමත් අම්මා ගාවින්ම හිටියා  අම්මට හෙවනැල්ලක්. හැබැයි දෙවැනි වතාවට සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අසනීප වෙද්දි තිසුරි ලංකාවේ හිටියේ නැහැ.ඇය සැමියත් එක්ක වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වුණා කියලා තමයි සඳහන් කරන්නේ 

පවුලේ එක්කම දැරිය විදිහට තිසුරි විවාහ වෙන්න තීරණය කරන්නෙත් ඔවුන්ගේම පවුලට සමීපතම පුද්ගලයෙක් එක්ක.සරලවම කිව්වොත් පුංචි කාලේ ඉඳන්ම එකට සෙල්ලම් කරපු හොඳම යාලුවා එක්ක තමයි තිසුරි විවාහ වුණේ.ඔහු නාවික අංශය එක්ක සම්බන්ධවෙලා වැඩ කටයුතු කරන පුද්ගලයෙක්. ඉතිං තමන්ගෙ ආදරණීය සැමියා සුරාජ්ගේ හමුවීම ගැන තිසුරි කිව්ව මේ වගේ කතාවක්.

“මගේ ආදරේ මට හම්බවෙන්නේ හීනෙකින්වත් නොහිතපු විදිහට.ඇත්තම කිව්වොත් ඔහු මගේ සහෝදරයෙක් වගේ ඒ තරම් ඇඳීමක් පුංචි කාලේ ඉඳලා අපි අතර තිබ්බා.ඒකට හේතුව තමයි අපි දෙන්නගෙ තාත්තලා කල්‍යාණ මිත්‍රයන් වීම.නිතර අපේ පවුල් දෙක මුණගැසීම නිසා තමයි අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා වෙන්නේ.කන්න බොන්න එලියට වගේම අපි නිතර නිතර විනෝද ගමන් වගේ වන්දනා ගමනක් ගියා.

මම පවුලේ එකම දරුවා මට සෙල්ලම් කරන්න හිටියේ අද මගේ සැමියා සුරාජ් සහ ඔහුගේ මල්ලිලා දෙන්නා විතරයි. ඒ අතරිනුත් නිතරම එකට හිටිය මමයි ඔහුයි ලොකු මල්ලියි.මම ඉතින් එදා ඉදලම අම්මා කියන දේ අහගෙන ඇගේ තුරුලෙ හැදුණු වැඩුණු කියන එක බොහෝ දෙනෙක් දන්න කාරණයක්.ඒවගේම තමයි සුරාජ්.මගේ අම්මා නිතර ඔහුව වර්ණනා කලා”

ඔන්න ඔය විදිහට තමයි තමන්ගේ ආදරණිය සැමියාගේ හමුවීම ගැනත් තිසුරි අදහස් ඉදිරිපත් කරල තිබ්බේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *