Gossip Lanka

අද වෙද්දි මේ ටැටු එක හින්දා මට ගොඩක් වැඩ අහිමි වෙලා තියෙනවා – තිළිණි පෙරේරා

කලා ලෝකයට නවක රංගන ශිල්පිනියක් වශයෙන් එකතු වුණු තිළිණි පෙරේරා කියන්නේ තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට ඉහළම සාධාරණත්වය ඉෂ්ට කරන දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල අපිට ඇයව වැඩිපුරම දැක බලා ගැනීමට ලැබෙන්නේ සියත නාලිකාවේ විකාශය වන ඉත්තො ටෙලි නාට්‍යයේ මනෝ වෛද්‍යවරියක් ලෙස ඇය රඟදක්වන චරිතය හරහා.

ඉතින් තිළිණි කියලා කියන්නේ රංගනය වගේම නිරූපණ ක්ෂේත්‍රයත් සමබරව කරගෙන යන කෙනෙක්. මේ කාලේ කාටත් අතමිට අගහිඟකම් එනවා. ඒ නිසා ඇය රංගනයට පමණක් සීමා වෙන් නැතුව මනාළියන් නිරූපණය කරන නිරූපිකාවක්  වශයෙනුත් ක්ෂේත්රය තුළින් දැක බලා ගන්නට අපට හැකියාව ලැබෙනවා.

පසුගිය දවස්වල තිළිණි සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ ඇය ටැටූ එකක් කරපු නිසයි. ඇය මේ ආකාරයෙන් සමනලයෙක් පිටේ ටැටූ එකක් වශයෙන් අඳින්න තීරණය කරනවා. මුලින් නම් ගොඩක් දුරට ඇයට ඒ සම්බන්ධයෙන් බය හිතුනා කියලා සඳහන් කළා. ටැටු එක ගහන්න යන්න කලින් බයටම උන වගේ තිබ්බ කියලා තිළිණි සඳහන් කළේ හිනාවෙලා.

නමුත් ඉතාමත් පරිස්සමට රිදෙන්නේ නැතුව ඇයට මේ නිර්මාණය කරගන්නට හැකියාව ලැබිලා තියෙනවා. ටැටු එක ගහනවට ගෙදර අයගෙත්  ලොකු බලපෑමක් තිබ්බේ නැහැ කියලා තිළිණි ප්‍රකාශ කළා. ටැටූ එකක් ගහපුහම ඒක තමන්ගෙ රංගන වෘත්තියට බාධාවක් වෙනවද කියල අහපු අවස්ථාවක එය අත්දැකීමෙන් විඳපු තිළිණි අදහස් දැක්වුවේ මේ ආකාරයෙන්.

ටැටු එක පිටේ ඇඳපු නිසා මමත් හිතුවා මේක කාටවත් පේන්නෙත් නැහැ. ඒ හින්දා මගේ වෘත්තියටත් මේකෙන් බාධාවක් වෙන එකක් නැහැ කියලා. නමුත් අද වෙනකොට මට වැඩ ගොඩක් අහිමි වෙලා තියනවා මේ ටැටු එක නිසා. මෑතකදී දක්ෂ අධ්‍යක්ෂවරයෙක් යටතේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණා ප්‍රධාන චරිතයක්. නිර්මාණය තුළ සීයට අසූවක්ම තියෙන්නෙ මම ඇතුළත් ජවනිකා නමුත් ටැටූ  එක නිසා ඒ වැඩේ අහිමි වුණා. ඒ වෙලාවේ නම් ලොකු කනගාටුවක් ඇති වුණා මට.

ඇය ටැටු එක නිසා තමන්ට අහිමි වුනු අවස්ථාව පිළිබඳව සංවේගයෙන් අදහස් දැක්වූ එයාකාරයෙන්. ඇය මේ වෙද්දි පෙම්වතියක් කියලා කියලත් ආරංචියි. ඒ නිසාම ඒ ආදරේ ආධ්‍යාත්මික මානසික ශාරීරික වශයෙන් තිළිණි ව නීරෝගීව තියන්න පුළුවන් ආදරයක් කියලත් ඇය සඳහන් කළා.

තිළිණි ජීවිතයේ ආපස්සට හැරිලා බැලුවොත් ජීවිතේ  සතුටක් ද දුක් අද තියෙන්නෙ කියලා අහපු අවස්ථාවක දුන්නේ හරි විවෘත පිළිතුරක්.

ඇත්තටම මගේ ජීවිතය ආපස්සට හැරිලා බැලුවොත් මට සතුටු වෙන්න තැන් තියෙනවා. මොකද මම ආස කළේ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වගේම මට දුක හිතෙන තැන් පවා තියෙනවා. ඉක්මන් තීරණ නිසා ජීවිතය වැරදුණු තැන් පවා මට තියෙනවා. මම හිතන් හිටියේ හැම මිනිහම එක වගේ කියලා. ඒත් පස්සේ තේරුම් ගත්තා හැමෝම එහෙම නෑ කියලා. මොකද හැමෝම අපි වගේ අවංක නෑ ඉතින් ඒ වගේ අයට රැවටුණු තැන් හදාගෙන මම ජීවිතේ ඉස්සරහට ආවා.

අඩියෙන් අඩිය කැපවෙමින් තමන්ගෙම මාර්ගයක් ගොඩ නගා ගනිමින් කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න උත්සාහ දරන මේ දක්ෂ කලා කලාකාරිනිය තිලිණි පෙරේරා ට ඇගේ ජීවිතය සාර්ථකව ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.