Gossip Lanka

අම්මා ආයෙමත් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙනවා ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා

පුංචි තිරයේ අහිංසක රංගන ශිල්පිනියක් විදිහට විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන මේ ආදරණීය කලාකාරිනිය පිළිබඳව ගොඩක් දෙනෙක් දන්නවා. ඇය නමින් තිසුරි යුවනිකා. තිසුරි කිව්වහම ඇයව දන්නවා වගේම සුසන්තා චන්ද්‍රමාලි කියන ආදරණීය කලා කාරිණියගේ එකම දියණිය ඇය කිව්වොත් නිවැරදියි.

ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පවුලේ එකම ළමයා. එනිසාම ඇයට පවුල ගැන තියෙන වගකීම වැඩියි. ජීවිතයට කොයි තරම් ප්‍රශ්න බාධක ආවත් ජීවිතය ඉතාමත් සරලව සාමාන්‍ය විදිහට ගත ගතකරන්න තමයි තිසුරි හැමදාම උත්සාහ කළේ. ගොඩක් අය කිව්වා ඇය විවාහ වුණාට පස්සේ කලා කටයුතුවලින් ඈත් වෙලා. එහෙමත් නැත්නම් කලා කටයුතු කරන්නේ කරන්නේ නැති කතාවක්. ඒ සම්බන්ධයෙන් ඇය සති අග පුවත්පතකට කිව්වේ මේ විදිහේ දෙයක්.

“විවාහය නිසා කලා කටයුතුවලින් ඈත් වුණේ නැහැ.ඔහුගෙන් තහංචි කිසිවක් නෑ.මගේ අම්මගේ  අසනීපය හේතුවෙන් පවුලේ වගකීම් දරන්න වුණා.කොහොමත් මම එක දිගට ටෙලිනාට්‍ය  බාර අරං හැම වෙලාවෙම shootin ඉන්න කැමති නැහැ”

ඇය ගොඩක් කාර්යබහුල වෙන්න අකමැති නිසා තෝරා බේරාගෙන තමයි රංගන කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තමයි පසුගිය කාල සීමාවේදී තිසුරිට වැඩිපුරම තමන්ගෙ අම්ම ගාවට වෙලා ඉන්න සිද්ධ වුණා. ඒකට මූලිකම හේතුව සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට පියවුරු පිළිකා  රෝගී තත්ත්වයකට මුහුණ දීපු නිසා.මේ තත්ත්වය නිසා පවුලේ එකම දරුවා විදිහට ඇයත් මානසිකව ගොඩක් පීඩා වින්දා කියලා සඳහන් කළා. නමුත් සියලුම දෙනා එකතු වෙලා 

 එකට තීන්දු තීරණ අරගෙන මේ තත්ත්වයෙන් ගොඩ එන්න අද වෙද්දි ඔවුන්ට හැකියාව ලැබිලා.

අද වන විට ඒ මේ රෝගී තත්ත්වයෙන් සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය බොහෝදුරට සුවය ලබලා කියලා ආරංචියි. ඒ දේවල් ඒ විදිහට වෙද්දි ඇය නැවත වතාවක් කලා කටයුතුත් එක්ක ද දැක බලා ගන්න හැකි වේද කියලා අහපුවාම තිසුරි කිව්වේ මේ විදිහේ දෙයක්.

“මගේ අම්මා නැවත හොඳ ගුණාත්මක නිර්මාණ වලින් ඔබ අතරට එයි.අසනීප තත්වය සුව අතට හැරීමත් සමග ආරාධනා ලැබුණත් වසංගතේ නිසා අපි අම්මව එළියට යැව්වෙ නැහැ”

තිසුරි ආදරණීය අම්මා ගැන ඒ විදයා අවධානයකින් තමයි ඉන්නේ.  ඉතින් රෝගී තත්ත්වය සියට සීයක්ම හොඳ අතට හැරිලා ඇගේ මවට ඉක්මනින්ම කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව ලැබේවා කියා අපේ හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නේමු.