Gossip Lanka

මගේ සැමියා  වෛද්‍යවරයෙක් එයා මට හම්බ වෙන්නේ අවුරුදු 19දී ඇයි උදාරි වර්ණකුලසුරිය

වර්තමාන සිනමාව තුළ ආකර්ෂණීයම රංගන ශිල්පිනිය කවුද කියලා ඇහුවොත් අපිට බයක් සැකක් නැතුව  කියන්න පුළුවන් ඒ උදාරි වර්ණකුලසූරිය කියලා. වර්තමානයේ වන විට ඇගේ රංගනයෙන් සහ රූපයෙන් සිංහල සිනමාව සහ පුංචි තිරය හැඩ වැඩ වුණා කියන්න නොරහසක්. ඇය කොතෙක් දක්ෂ රංගන ශිල්පිනියන් ද කියනවා නම්  ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි කිරුළ පස් වතාවක් දිනා ගන්නත් පසුගිය දවසක හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නත්  වාසනාවන්ත වුණා.

ඉතින් මේ අවුරුද්ද ඇයගේම සිනමා ගමනට වෙන්වුණු අවුරුද්දක් බවට රහසක් නෙවෙයි. ඒ තරම් ජයග්‍රහණ සහ සිනමා නිර්මාණයන් වලට ආරාධනා ඇයට ලැබිලා. ඒ සම්බන්ධයෙන් උදාරී අදහස් දැක්වුවේ මේ විදිහටයි.

“ඇත්තටම චිත්‍රපටය 8ක රූගත කිරීම් අවසන් කළාඒ වගේම චිත්‍රපටිය හතක ම ප්‍රධාන චරිතය නිරූපණය කරන්න ලැබීම ලොකු වාසනාවක් විදිහට මම දකිනවා. මේ හැම නිර්මාණයක් ම මට විශේෂයි. විශේෂයෙන් එකගෙයි සොකරි චිත්‍රපටය රඟපාන කාලෙ ජැක්සන් ඇන්තනි මහත්මයා ගෙන් ලැබුණු ඒ අවවාද වෘත්තිය පරිනත භාවය හදාගන්න ලැබුණු උපදෙස් මගේ රංගන කුසලතාවයන් දියුණු කරගන්න විශාල උදව්වක් වුණා”

ඒ විදිහට අදහස් දක්වන උදාරී මේ වන විට ආදරණීය දියණියකගේ මවක් කියන්න කවුරුත් දන්නවා. ඇගේ දියණිය දැන් පාසල් යනවා. ඉතින් රංගනයත් එක්ක කාර්යබහුල වන සෑම අවස්ථාවකදීම දියණියගේ ඕනෑ එපාකම් සියලුම දේවල් කරන්නේ උදාරිගේ ආදරණීය සැමියා. සැමියාගෙන් ලැබෙන ඒ උදව් උපකාර නිසා තමයි ඇය මේ වෙද්දි රංගන ක්ෂේත්‍රය තුළ මෙතරම් වැඩ ප්‍රමාණයක නිරත වෙලා ඉන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇය සැමියා ගැන  හරිම ආදරණීය සිහිපත් කිරීමක් සිද්ධ කළේ මේ විදිහටයි.

“ලංකාවෙ මම ගෙවපු අවුරුදු දෙකම සැමියා දුවට අම්මයි තාත්තයි දෙන්නම වුණා. එයාගෙ වගකීම හැමදේම ඉටු කළා. කිසිම දවසක කලාව නතර කරලා සිංගප්පූරුවට එන්න කියලා කිව්වේ නැහැ. විශේෂයෙන්ම ඒ තේරුම් ගැනීම මට මේ ගමන එන්න විශාල ශක්තියක් වුණා. කිසිම ජයග්‍රහණයක් කැපවීමකින් තොරව ලබා ගන්න බැහැ කියලා මම අත්දැකීමෙන් දන්නවා.

සැමියා මට මුණගැහෙන්නේ අවුරුදු දහ නමයේදී. එයා වෘත්තියෙන් වෛද්‍යවරයෙක් ඔහු ඔහුගේ වැඩක් කරගෙන රූපගත කිරීම්වලට මාවත් නිදහස්  කරලා දරුවව බලාගෙන ඉන්නව. ඇයට මම නැති අඩුව දැනෙන්න නොදී හොඳ පියෙක් සැමියෙක් විදියට දෙන සහයෝගය ඇත්තටම වටිනවා. දැන් මගේ දුවට වයස අවුරුදු නමයක් හරිම සතුටුයි දැන් මගේ උසම හරියන ලොකු දුවෙක් ඉන්න නිසා”

ඉතින් ගත කරන පවුල් ජීවිතය පිළිබඳව ඒ ආකාරයෙන් ඇය අදහස් දක්වන අතර ඒ සුන්දර ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.