Siri Lankawa

Web Postal

මගේ පවුල කැඩිලා නෑ.එයා නීති කාරයා.දුව දැන් සිංගප්පූරුවේ තාත්තා එක්ක ඉන්නේ

උදාරි වර්ණකුලසූරිය කිවුවහම ඇත්තටම මේ රංගන ශිල්පිනිය පිළිබඳව ඕනෑම කෙනෙක් දන්නවා.ඒකට හේතුව ඇය පුංචි තිරය රිදී තිරය කියන මේ ක්ෂේත්‍රයන් දෙක තුළම  අතිශයින් ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙච්ච නිසයි.උදාරි කියන්නේ හරිම වාසනාවන්ත රංගන ශිල්පිනියක්.ඒකට හේතුව ඇයට ලැබෙන හැම චරිතයකටම වගේ ඇය සම්මාන උළෙලවල් වල හොඳම නිළිය හෝ ජනප්‍රියම නිළිය කියන සම්මානවලට නිර්දේශ වෙන නිසයි.

ඉතින් පසුගිය දවසකත් රයිගම් සම්මාන උළෙලේ දී ඇයට සම්මානයක් ලැබුණා.ගොඩක් දෙනෙක් රඟපාන්නේ සම්මාන බලාගෙන.උදාරිත් ඒ විදිහට සම්මාන බලාපොරොත්තුවෙන් රඟපානවද කියලා අහපුවාම ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“ඕනෑම රස්සාවක් කරනවා නම් හරියට අග යන තැනදි අගයනවා.රංගන ක්ෂේත්‍රය කියන්නෙත් ඒ වගේ එක රැකියාවක් විතරයි.මම රාජකාරිය හරියට කරන නිසා රසිකයෝ මට ආදරෙයි.මට සම්මාන හිමිවෙනවා මේ වෙද්දි සම්මාන හයක් හිමි වෙලා තියෙනවා”

ඒ විදියට අදහස් දක්වන ඇය කියන්නේ කිසිම දවසක සම්මාන බලාපොරොත්තුවෙන් රඟපාන්නෙ රඟපාන්නෙ නැහැ කියලයි.ඒ වගේම තමයි උදාරි ගේ ආදරණීය සැමියා වෛද්‍යවරයෙක්.ඔවුන් බොහෝ කාලයක් ඉඳන් සිංගප්පූරුවේ තමයි ජීවත් වූණේ.ඒ වගේම මේ දවස් වල සමාජවාද පුරාවටම කටකතාවක් කට කතාවක් නිර්මාණය වෙලා තියනවා උදාරී සැමියාගෙන් වෙන්වෙලා ජීවත් වෙනවා කියලා.ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ දුව අවුරුදු හතක් හිටියේ මාත් එක්ක ලංකාවේ.දැන් එයා එයාගේ තාත්තත් එක්ක සිංගප්පූරුවේ ඉන්නේ.ඒ නිසා මම වැඩිපුරම ඉන්නේ සිංගප්පූරුවේ.මම ලංකාවට ආවේ ගිය සතියේ.දැන් ආයෙමත් එහාට යනවා.මම හරිම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්නේ.හෙටටත් මගේ පුංචි පවුල සුරක්ෂිතව තියේවි.ඒක කැඩිලා බිඳිලා යන පවුලක් නෙවෙයි”

ඒ වගේම ප්‍රචාරය වන කට කතා සියල්ලම අසත්‍යයයි කියලා තමයි උදාරී කියන්නේ.ඒ වගේම ඇගේ ස්වාමිපුරුෂයා ගෙදරදි ටිකක් නීති කාරයා උනාට ඕනෑම කෙනෙක් එක්ක සුහදශීලී ව ජීවත් වෙන්න පුළුවන් චරිතයක් කියලත් ඇය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *