Gossip Lanka

බිරිඳ අඩ අඩා කෝල් කරලා කිව්වා ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා

උද්දික ප්‍රේමරත්න කියන නම අහපු සැනින් කවුරුත් දන්නවා ඔහු කවුද කියලා. බුද්ධික කියලා කියන්නේ ඒ තරම්ම ක්ෂේත්රය තුළ රංගන ශිල්පියෙක් විදියටත් නිවේදකයෙක් විදිහටත් ඒ වගේම ගායකයෙක් විදියටත් ප්‍රසිද්ධ වුණු චරිතයක්. වර්තමානය වන විට දේශපාලනඥයෙක් විදිහටත් උද්දික කියන චරිතය අපට දැකබලා ගන්නට පුළුවන්.

මුලින්ම උද්දික ප්‍රේමරත්න කලා ලෝකයට එන්නේ සංගීත කණ්ඩායමක් හරහා. එතැන් පටන් රඟපෑමට එකතු වෙන ඔහු විවිධ ටෙලි නිර්මාණයන් සහ සිනමා නිර්මාණ රැසකටම රංගන දායකත්වය දක්වන්නට වාසනාවන්ත වුණා. කාලයක් හිරු ස්ටාර් වේදිකාව තුළ එහි නිවේදකයා වශයෙන් කටයුතු කරපු උද්දික ව මේ දවස් වල නම් වැඩිපුර අපිට දකින්නට ලැබෙන්නේ නැහැ.

සැබෑ ජීවිතය තුළ ඉතාමත් සරල මනුස්සයෙක් විදිහට කටයුතු කරන ඔහු ආදරණීය බිරිඳට හොඳ ස්වාමි පුරුෂයෙක්. ඒ වගේම ආදරණීය දරුවාට දරුවට හොඳ තාත්ත කෙනෙක්. උද්දික වරෙක සඳහන් කරනවා මම රංගනයෙන් හදාගත්ත මගේ රූපය තුළින් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව කිව්වොත් මගේ පවුලෙ කිසි කෙනෙකු දිග කියන නළුවා නිසා ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපිත් අනිත් අය වගේම රටේ ජීවත්වන සරල පවුලක්.

ඔහු තමන් ගත කරන සරල ජීවිතය සහ රංගනය පිළිබඳව කෙටි අදහසක් ඉදිරිපත් කළේ ඒ ආකාරයෙන්. බුද්ධිකඋද්දික කියලා කියන්නේ පුතාට පණ වගේ ආදරය කරන ආදරණීය තාත්තා කෙනෙක්. ඉතින් ඔහු කිසිවිටකත් සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙවෙයි කියලත් සඳහන් කළා. ඒ වගේම තමයි අද දවසේ වෙන්න ඕනි හැම යුතුකමක්ම දරුවන් වෙනුවෙන් ඉටු කරන්නත් බුද්ධික දෙපාරක් හිතන්නේ නැහැ.

ඒ වගේම ඔහු සඳහන් කරපු ප්‍රධානම කාරණාව තමයි  ඔහු කවදාවත් දරුවන්ට දරුවන්ගේ දරුවන්ට හම්බ කරන්නේ නැහැ කියන දේ. ඒ වගේම උද්දික සඳහන් කරන්නේ ඔහුගේ පුතා එයාගෙ අනාගතය විසින් අනාගතයේ විසින්ම හදා ගන්න ඕනේ කියන දේ. එ වගේම ඒ සඳහා දෙන්න ඕනේ උපරිම සහයෝගය ඔහු දෙන්නත් බලාපොරොත්තු වෙනවා.

මේ විදිහට ජීවිතය පිළිබඳව අමුතු ආකාරයෙන් හිතන උද්දික ඒ පිය සෙනෙහස පිළිබඳව අදහස් දැක්වුවේ පහත ආකාරයෙන් පිය සෙනෙහස ගැන කියන්න මට වචන මදි වෙයි. මොකද මම හිතන්න පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි යනුවෙන්. කවුරු කොහොම කිව්වත් තාත්තා කෙනෙක්ගෙ ආදරේ මෙච්චරයි කියලා කාටවත් කියන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

ඒ ආකාරයෙන් අදහස් දැක්වූ ඔහු මුලින්ම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන සුබ පණිවිඩය ලැබුණු අවස්ථාවේ දී දරාගන්න බැරි සතුටකින්  හදවත පිරුණු කියලත් සඳහන් කළා. ඔබට මේ ආරංචිය ලැබෙද්දි ඔහු උදෑසනම රාජකාරි වැඩකට ගෙයින් පිටත් වෙලා. මේ සුබ පණිවිඩය ඔහුට කෝල් කලා කියන්නේ ආදරණීය බිරිඳ. ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා ඇය අඩ අඬා සතුටින් කිව්වා කියලා උද්දික සඳහන් කළා. ඒ වෙලාවේ ඔහුගේ මුළු ආත්මයම සතුටෙන් පිරුණු වැනි හැඟීමක් ඔහුට දැනිලා තියෙනවා.

මේ වෙද්දි කලා ලෝකය වැඩිපුර ඔහුව දකින්නට ලැබුණේ නැතත් ඔහු විසින් රංගනයෙන් දායක වූ විවිධ ටෙලි නිර්මාණයන් අපිට රූපවාහිනිය තුළින් දකින්නට ලැබෙනවා. ඉතින් ඉදිරියේදී නැවත වතාවක් කලා නිර්මාණවලින් ඔහුව දැක බලා ගැනීමට  අපි බලාපොරොත්තුවෙන් සිටින අතර  ඔහුගේ සියලුම වැඩ කටයුතු වැඩකටයුතු හොඳින් ඉටු වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.