Gossip Lanka

සාරංග අයියේ පසුගිය තරහා අමතක කරලා දිනක්ෂියි,දූයි එක්ක මගේ වෙඩින් එකට එන්න

පුංචි තිරය තුළ අහිංසකාවියක් ලෙස සලකන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි  උමාලි තිලකරත්න කියලා කියන්නේ. ඇය නිරූපණය කරන ඕනෑම චරිතයකට සාධාරණත්වයක් ඉෂ්ඨ කරන නිසාම නිරූපිත බොහෝ චරිත සඳහා ඇය සම්මානයෙන් පිදුම් ලැබුවා. උමාලී සීමා වෙන්නේ රංගන කාර්යයට පමණක් නෙවෙයි. ඇය දක්ෂ ගායිකාවක්  ඒ වගේම නර්තන ශිල්පිනියක්   ඊට අමතරව ව්‍යාපාරිකාවක් සහ ගී පද රචිකාවියක්  විදිහටත් මේ  රංගන ශිල්පිනිය ව අපිට හඳුන්වන්න පුළුවන්.

පසුගිය අවුරුදු ගණනාවක් ගණනාව පුරාම ඉතාමත් නිශ්ශබ්ද ජීවිතයක් ඇය ගත කරන්නේ සාරංග දිසාසේකර සමඟ විවාහ වෙලා ඒ විවාහ ජීවිතයට සමු දීපු නිසයි. කෙසේ නමුත් අවුරුදු පහක පමණ කාලයක් නිහඬ ජීවිතයක් ගත කරලා මේ වෙද්දි ඇය හිත හදාගෙන අලුත් ජීවිතයකට යන්න සූදානම් වෙනවා.

පසුගිය කාලසීමාව තුළදී බොහෝ දෙනෙක් ඒ පිළිබඳව කතාබහ කළා. ඉතිං ඔන්න දැන් ආරංචි වෙන විදියට උමාලි බඳින්න යන්නෙ මනෝ විද්‍යා මහාචාර්යවරයෙක්. උමාලිගේ අතගන්න මේ තරුණයා ජපානයේ පදිංචි වෙලා ඉගෙන ගන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. කොහොමහරි පවුල්වලින් කතා කරපු විවාහ යෝජනාවක් විදිහට මේකට ගැන හිතලා බලලා ඇය කැමැත්ත දීලා තියෙනවා.

කොහොමින් කොහොම හරි අඳුරේ ජීවිතේ ගත කරපු  උමාලිගේ ජීවිතයට මේ වෙද්දි වසන්තය ඇවිල්ලා ඇය ඉතාමත් සතුටින් ඒ ජීවිතය තුළ ගත කරනවා කියලා ආරංචි වෙනවා. ඇය මේ දිනවල ලහි ලහියේ විවාහ මංගල්‍ය උත්සවයට සූදානම් වෙනවා කියලා ආරංචියි.

උමාලිගේ චාම් විවාහ මංගල්‍ය උත්සවයේ යහලු මනාලියන්ට ඇයගේ ක්ෂේත්රයේ ළඟම හිතවතියන් දෙදෙනකුට ආරාධනා කරලා තියෙනවා කියලත් මේ වෙද්දි ආරංචි මාර්ග සඳහන් කරනවා. කොහොමහරි අලුත් ජීවිතේකට පාතබන්න යන මේ මොහොතේ උමාලි කලින් සාරංග සමඟ ඇති වෙච්චි ඒ හිත් අමනාප කම මකා දමන්න සූදානම් වෙනවා.

ඒ කියන්නේ මේ විවාහ මංගල්‍ය උත්සවයට උමාලි සාරංග ටත් සෙනෙහසින් ඇරයුම් කරනවා. ඇය සදහන් කරලා තියෙන්නේ ,

සාරංග අයියේ  පරණ තරහා හිත් අමනාපකම්  අමතක කරලා දිනක්ෂියි චූටි පැටියා එක එක්ක මගේ විවාහ මංගල්‍යයට එන්න.මම හදවතින්ම ඔයාලට ආරාධනා කරනවා.

ඉතින් උමාලී බොහොම නිහතමානීව තමන්ගේ විවාහ මංගල්‍ය උත්සවයට සාරංගට සහ දිනක්ෂිට ආරාධනා කරලා තියෙනවා කියලා ආරංචි මාර්ගවලින් සඳහන් වෙනවා. ඉතින් අපි බලමු ඇයගේ සුන්දර දිනයේ දවසේ ඇයට සුබ පතන්න සාරංග පැමිණේවී ද කියලා.

කෙසේ නමුත් අලුත් ජීවිතයක් ආරම්භ කරන්න සැලසෙන මේ ආදරණීය කලාකාරිනිය ට අපේ හදවතින්ම නව දිවියකට ආසිරි පතන්නෙමු.