Gossip Lanka

උමාලි තිලකරත්න නුගේගොඩ හදපු රුපියල් මිලියන විස්සක් වටින සුපිරි නිවස

උමාලි ඉරුදිනි තිලකරත්න කියලා කියන්නේ රංගනයට ගායනයට සහ නර්තනයට උපන් හපන්කම් කියපු දක්ෂ කලාකාරිනියක්. ඇය පුංචි තිරයේ නිහතමානි රංගන ශිල්පිනියන් අතර එක් චරිතයක් කියලා කිව්වොත් නිවැරදියි. ඒ නිසාම තමයි උමාලිට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරන්න පටන් ගන්නේ.

ඇයගේ රංගනය කොයි තරම් තාත්වික ද කියනවා නම්  රඟපාන බොහෝ ටෙලි නිර්මාණ සඳහා  උමාලි සම්මානයෙන් පිදුම් ලබනවා. ඇය විසින් රඟපෑ ටෙලි නිර්මාණ අතර බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ටෙලි නිර්මාණයන් විදිහට සකර්ම,බොහිමියානුවා ,මහපොළොව ,රේස් ආදී නාට්‍යයන් හඳුන්වන්න පුළුවන්.

උමාලි ප්‍රථම වරට විවාහ වෙන්නේ ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පියෙක් වන  සාරංග දිසාසේකර සමඟ. නමුත් ඉතාමත් කෙටි කාලයකින් ඔවුන් දෙදෙනාම මේ විවාහයට සමුදෙනවා. දැන් දෙන්නම නීතියෙන් දික්කසාද වෙලා අවසන්. මේ සිදුවීම නිසා වසර ගණනාවක් තමන්ගෙ ජීවිතය ඔහේ ගත කරපු උමාලි ඔන්න දැන් ජීවිතේ පිළිබඳව ආයෙත් අලුතින් හිතන්න පටන් අරන්.

ඇය ඉතාමත් නොබෝ දිනකින් විවාහ වෙන්න සූදානම් වෙනවා කියලා ආරංචි වෙනවා. ඉතින් මේක දැනගත්තු ඇයට ආදරය කරන බොහෝ රසික රසිකාවියන් උමාලිට සුභ පැතුම් එකතු කරන්න අමතක කළේ නැහැ. මේ වෙද්දී ජපානයේ මනෝ විද්‍යා මහාචාර්යවරයෙක් විදියට සේවය කරන පුද්ගලයෙක් සමඟ  ඇය විවාහ වෙන්න සූදානමින් ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ.

ඉතින් ඔවුන් දෙදෙනා විවාහ වුණාට පස්සේ ජීවත් වෙන්න මේ වෙද්දි අති සුඛෝපභෝගී නිවසක් නිර්මාණය කර අවසන් කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ සුපිරි නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙන්නේ තියෙන්නේ මීට ටික කලකට කලින් මේ නිවස නුගේගොඩ තමයි තියෙන්නේ. උමාලී සහ ආදරනීය සැමියාට අවශ්‍ය විදිහට මේ නිවස කලාත්මකව නිර්මාණය කරලා තියෙනවා කියලා ආරංචියි.

මුදලින් ලක්ෂ දෙසීයක් එහෙමත් නැත්නම් රුපියල් මිලියන විස්සක් වැය කරලා මේ අති සුඛෝපභෝගී නිවස නිර්මාණය කරලා තියනවා කියලා ආරංචි වෙනවා. එහි සියලුම වැඩ කටයුතු උමාලි සහ අනාගත සැමියා ගේ අනුදැනුම මත හා කැමැත්ත මත සිදු වෙලා තියෙනවා.

ඉතින් අලුතින් ජීවිතයක් ආරම්භ කරන්න යන උමාලිට මේ වටිනා කියන නිවස කෝටිපති ව්‍යාපාරික ඇගේ ආදරණීය පියා විසින් තිළිණයක් විදිහට දුන්නා කියලා බොහෝ දෙනා සඳහන් කරනවා. ඒ කෙසේ නමුත් ඇයගේ ජීවිතයේ සියලුම දේවල් ඉතාමත් පිලිවෙලට සිද්ධ වෙමින් පවතින කාල වකවානුවක ඒ සියල්ල තවත් සාර්ථක අයුරින් අයුරින්ම ඉටු වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.