මම එදා මගේ පළවෙනි ස්වාමිපුරුෂයා හොයන්න ගිහින් අතරමං වුණා.මම හොඳටම බය වුණා
උපේක්ෂා ස්වර්ණමාලි එහෙමත් නැත්නම් පබා කිව්වහම ඕනිම කෙනෙක් මේ රංගන ශිල්පිනිය ගැන දන්නවා ඇය එතරම්ම ශ්‍රී ලංකාවේ කලාව තුල ප්‍රසිද්ධ තාරකාවක්.ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ඒ වගේම සිනමාව සිනමා රංගන ශිල්පිනියක් විදිහටත් ප්‍රසිද්ධ ඇය අදටත් කලාවත් එක්ක එකතු වෙලා ඉන්න රංගන ශිල්පිනියක්.
උපේක්ෂා කියන්නේ තමන්ගේ ආදරණිය දියණිය එක්ක තනි මවක් විදිහට ජීවිතය ගැටගහගන්න ජීවත් වෙන්න උත්සාහ දරන කාන්තාවක්. ඇයගේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න ඇයට හැකියාව ලැබෙන්නේ නැහැ.පළමු විවාහය එවගේම දෙවැනි විවාහය කියන මේ විවාහ ජීවිත දෙකෙන්ම සමුගන්නා උපේක්ෂා කලකට කලින් දේශපාලන වේදිකාව තුළත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා.
හැබැයි ඇය දේශපාලනය ගැන මහ ලොකුවට දැනගෙන නෙවෙයි දේශපාලනය කරන්න ගිහින් තියෙන්නෙ.ඒ නිසාම පසු තැවුණු තැන් ඒ වගේම අතරමං වෙච්චි තැන් ඊටත් වඩා ඇය වෙනුවෙන් ආදරේ කරපු ඇයගේ කලාවට ආදරය කරපු බොහෝ දෙනෙක් ඇය දේශපාලනයට එනවට කැමති වුණේ නැහැ.ඉතින් අදටත් ඇය කියන්නේ ජීවිතේ ගත්ත ලොකුම මෝඩකම ඇය දේශපාලනයට ආවේ එක කියලයි.ආයනම් කිසිම දවසක දේශපාලන වේදිකාවක් දිහා බලන්නෙවත් නෑ කියලා උපේක්ෂා කියනවා.ඒ වගේම අතීතයේ දේශපාලනේ කරන්න ගිහින් මුහුණ දීපු අත් දැකීමක් පිළිබඳව පසුගිය දවසක ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.
“මම ඡන්දෙ ඉල්ලුවා ට මගේ පසුබිමේ දේශපාලනය ගෑවිලාවත් නෑ.ඡන්දෙ කාලෙදී සෙනඟ සෙනග පිරිවරාගෙන කට්ටිය කෑ ගහනවා නේ.මම හොඳටම බය වුණා දිවුරුම් දීලා එළියට ආපුහාම මම අතරමං වුණා.මම කොච්චර බය වුණාද කියනවා නම් මගේ පළවෙනි ස්වාමිපුරුෂයා හොයන්න ගිහින් මම අතරමං වුණා.එදා මීඩියා එකෙනුත් ඒක දැක්කා.
මට පාර්ලිමේන්තු යද්දි දැනුමක් තිබ්බෙ නැහැ.මිනිස්සු මට දොස් කියන්නේ ඒක නිසා.ඔය පරණ වැඩසටහන් බලද්දි ඇත්තටම අවංකවම කියන්නේ ඒවට ගියාට මට දැනුමක් තිබ්බෙ නැහැ.”
ඔන්න ඔය විදියට තමයි උපේක්ෂා ඇයගේ දේශපාලන ජීවිතය ගැන අවංකවම විවෘතව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.