Siri Lankawa

Web Postal

මගේ ස්වාමියා දෙවෙනි අවුරුද්දේ නැති වෙනවා.මුළු ආත්මෙම විනාශ වුණා ඒකෙන්

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු පබා ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු අතිශයින්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි ඇය  සිනමා නිර්මාණයන් හරහාත් ප්‍රේක්ෂකයන් හමුවට ආපු සුරූපී රංගන ශිල්පිනියක්.

ඉතිං මේ සුන්දර කලාකාරිනිය ගැන කතා කරද්දි ඇය මේ වන විට ආදරණීය දියණියකගේ මවක්.තනි මවක් විදිහට තමයි ඇය තමන්ගේ ආදරණීය දියණිය හදාගන්නෙ.ඒ වගේම තමයි ඇයගේ පළමු විවාහය සහ දෙවැනි විවාහය දෙකම අසාර්ථක වුණා.ඒ දේවල් එක්ක ඇය නැවත  විවාහයකට යන්න තීරණය කළේ නැහැ.

කොහොමහරි විවාහ ජීවිතයේ ප්‍රශ්න ගැටළු ඒ විදියට විසඳාගෙන දියණියත්  එක්ක මේ වෙද්දි හරිම ලස්සන ජීවිතයක් ගත කරනවා.එවගේම තමයි ඇය කලකට කලින් දේශපාලන වේදිකාව තුළත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා.

හැබැයි අදටත් ඇය පසුතැවෙන එකම දේ දේශපාලනයට ආපු එක.ජීවිතයේ කිසිම දවසක නැවත වතාවක් ඇය දේශපාලනයට එන්නෑ කියලත් සඳහන් කළා.මෑතකදී ඇය ඒ අතීතය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මම දේශපාලනයට ගියේ මගේ කැමැත්තෙන් නෙමෙයි.පක්ෂ මාරු කළේ මගේ කැමැත්තෙන් නෙමෙයි.තනි අතින් අත්පුඩි ගහන්න බෑ.ඒ බලපෑම තියෙද්දි මම තීරණ ගත්තු තැන් තිබ්බා.ජන්දේ දීපු අය වගේම කාර්ය මණ්ඩලයත් නැති වුණා.මගේ ස්වාමියා දෙවැනි අවුරුද්දේ නැති වෙනවා.මම යම් දෙයක් කරන්න උත්සාහ කළා.හැබැයි මගේ මුළු ආත්මෙම විනාශ වුණා ඒකයි දුක.”

ඇය ඉතිං ඔන්න ඔය විදියට තමයි දේශපාලනය කරන්න ගිහින්  මුහුණ දීපු ඒ අවාසනාවන්ත සිදුවීම් ගැන පසුගිය දවසක තොරතුරු හුවමාරු කරගෙන තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *