Gossip Lanka

වික්ටර් ජීවත් වෙන්නේ පැය 48යි කිව්වා.මං එයාව බේරගන්න මගේ වාහනේ විතරක් නෙමෙයි සන්තකේම වුණත් මම දෙනවා 

පැරණි ගීත අහන්න ගොඩක් දෙනෙක් කැමතියි. සංගීතයට ආදරේ කරන ගොඩක් රසික රසිකාවියන් ඒ විදිහට පැරණි  කටහඬකින් අපගේ දෙසවන් පිනවන ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ කටහඬ ටත් ඒ විදිහටම තමයි එදත් අදත් හෙටටත් ආදරය කරේ. මේ සුන්දර ගායන ශිල්පියා පිළිබඳව කථා කරද්දී කාලයක් තිබ්බා සමාජ මාධ්‍ය පුරාවටම වැඩිපුරම ඔහු පිළිබදව විතරක්ම කතා කරපු යුගයක්.

ඒකට ප්‍රධානම හේතුව  තමන්ගේ පළමු කසාදයේ ආදරණීය බිරිඳ වෙන්වෙලා බොහෝ කාලයක් ගියාට පස්සේ ජීවිතයේ ඉතිරි කාලය තනිකමින් කාලය ගත කරන්න නැතුව නැවත වතාවක් ආදරණීය සුරූපී තරුණියක් සමග ඔහු විවාහ වෙන්න තීරණය කළ නිසයි.  වික්ටර් රත්නායකයන් නැවත වතාවක් විවාහ වෙච්චි ඒ ආදරණීය  තරුණිය හසිනි. මුලින් කට්ටිය කිව්වා වික්ටත්  එක්ක ඇය විවාහ වුණේ වික්ටර්ට තියෙන ආදරේට නං නෙවෙයි කියන දේ.

නමුත් පසුගිය කාල සීමාවේදී අපි හිතපුවත් නැති මොහොතක වික්ටර් රත්නායකයන් අසනීප වුණා. ඔහුගේ කටහඬ ඔහුට නැතුව ගියා. ඒ වගේම තමයි ළඟ හිටපු කට්ටිය ඔහුව දාලා යද්දි හිතපුවත් නැති අය තමයි ඔහු ගාව ඉඳගෙන සුවය පැතුවේ. ඒ දේවල් ඒ විදිහට වෙද්දි අදටත් හෙවනැල්ලක් වගේ පුංචි දරුවෙක් බලාගන්නවා විදිහට වික්ටව බලා ගන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ වන හසිනි.

ඔහු අසනීප මොහොතේ පටන් ඇය ක්‍රියා කළේ ඔහුව සුව කිරීමේ පරමාර්ථයෙන් පමණයි. දිවා රෑ නොතකා ඔහු ගාව රැඳී  අදටත් ඔහුගේ ඕනෑ එපාකම් ඇය සම්පූර්ණ කරන්නේ ආදරණීය උතුම් බිරිඳකගේ වගකීම හරියට ඉටු කරමින්. වික්ටර් රත්නායකයන් අසනීප මොහොතේ ඇය ක්‍රියා කළ ආකාරය සහ ඒ අවාසනාවන්ත  කාල සීමාව පිළිබඳව ඇය මතකය සිහිපත් කළේ මේ විදිහට කඳුළු පිරි දෑසින්.

“රෝහල් දෙකක,ලංකාවේ හොඳම විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ අධීක්ෂණය  යටතේ තමයි එයාට ප්‍රතිකාර කළේ. වික්ටර් ජීවත් වෙන්නේ පැය හතළිස් අටයි කිව්වහම මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුනා වගේ වුනා. එදා පටන් ලගින් හිටිය අපිව අත්නොහරින කියලා හිතපු සමහර අය අපිව අත හැර ගියාට පස්සේ අපි බලාපොරොත්තු නොවූ සමහර අය අපිට පුදුම විදිහට උදව් කරා. වික්ටර්ගේ ජීවිතය බේරගන්න මගේ වාහනය විතරක් නෙමේ සන්තකේ ම වුණත් අහිමි වෙන එක ගැන මම දෙපාරක් හිතුවේ නැහැ. රෝහලේදී මාස ගණනාවක් මම එයා ළඟට වෙලාමයි හිටියෙ.අපි වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැද්දා ඊට පස්සේ කටහඬත්  ක්‍රමක්‍රමයෙන් සුපුරුදු තත්ත්වයට ආවා”

ඇය ඒ අතීතය පිළිබඳව කඳුළු පිරි දෑසින් ඒ විදිහට තමයි මතකය ආවර්ජනය කළේ. ඉතින් වික්ටර් රත්නායකයන්ට තවත් බොහෝ කාලයක් නිදුක් නිරෝගී ව ජීවත්වෙන්නට වාසනාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නේමු.