Gossip Lanka

එදා මම කසාද බැන්දේ මගේ හොඳම යාළුවා.ආයෙ මං බඳින්නේ නැහැ ඒත් මට අම්මා කෙනෙක් වෙන්න ඕනේ

කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට පුංචි තිරයේ විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය නමින් වොල්ගා කල්පනී. ඇයටම ආවේනික වූ රූප සම්පත්තිය නිසා මම කෙටි කාලයක් ඇතුළත ප්‍රේක්ෂකයන් දන්න කියන අති දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න ඇයට අවස්ථාව උදා වුණා. 

ලැබෙන ඕනෑම චරිතයකට ඉහළ සාධාරණත්වයක් ඉෂ්ට කරන්න ඇයට හැකියාව තියෙනවා. රූපය වගේම දක්ෂතාවයත් එකසේ හිමි වෙච්ච වෝල්ගා මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මාණික්කාවත ටෙලි නිර්මාණයේ ගුණවතී කියන චරිතය නිසයි.

මේ විදිහට  කලා කටයුතු සාර්ථකව කරගෙන යන ඇය ජීවිතයේ නොයෙක් අභියෝගවලට මුහුණ දීපු කෙනෙක්. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් දන්නවා  වෝල්ගා මේ වන විටත් දිකසාද වෙලා තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක් කියන්න. ඇය තවදුරටත් ප්‍රේමණිය සම්බන්ධතා පිළිබඳව හිතන කෙනෙක් නෙවෙයි. ඇය විවාහ වෙන්නේ ක්ෂේත්රයේ අති දක්ෂ රංගන ශිල්පියෙක් වෙච්චි හර්ෂණ බෙත්මගේ සමඟයි. සාමාන්‍යයෙන් දික්කසාද වෙනවා කියන එක ටිකක් අභියෝගාත්මක දෙයක් ඒක හරි අමාරුයි හැමෝටම කරන්න බැහැ. නමුත් ඇය නම් කියන්නේ ඇය කොහොමත් අමාරු වැඩ වලට ගොඩක් කැමතියි කියලා. ඒ නිසා කවදාවත් මිනිස්සු කියන කතා අහන්නේ නැතුව තමන්ට දැනෙන දේ තමන්ට හැඟෙන දේ කරොත් ජීවිතය සාර්ථක වෙන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඒ වගේම තමයි සැමියෙක් නැතුව උනත් දරුවෙක් හදාගන්න මිනිස්සු ඕන තරං මේ සමාජයේ ඉන්නවා කියලත් ඇය සඳහන් කළා. 

ඇය තවමත් කිසිම මාධ්‍යයකට කියලා නෑ ඇයි දික් කසාද උනේ කියන දේ. ඒ වගේම තමයි කලින් සැමියා හම්බවුනොත්  ශේස්ත්‍රයේ එකට සුහදව වැඩ කටයුතු කරන්න පුළුවන් තැනක තමයි ඇය ඉන්නේ. පසුගිය දවසක ඇය ම සඳහන් කරලා තිබුන ඔවුන් දෙදෙනාම එකම උසාවියේ එකට ඉඳගෙන සුහදව තමයි මේ තීරණය ගත්තේ කියන එක. වොල්ගා පසුගිය දවසක yotube  සාකච්ඡාවක් එක්ක එකතු වෙලා ඇගේ ජීවිතයේ  බොහෝ දේවල් ගැන කීවේ මේ වගේ කතාවක්.

“හැම දික්කසාදයකට ම මම කියන්නෑ එක් කෙනෙක් වැරදියි කියලා. මම මගේ හොඳම යාලුවා එක්ක තමයි විවාහ වෙන්නේ. අදටත් ඔහු සමග තරහ නෑ. හොඳට කතා කරලා සුහදව ඉන්නවා. වෙන කෙනෙක්ට චෝදනා කරන්නේ නැහැ. වෝල්ගා තනිකඩයි කියනවා නම් ඒ සියළු වගකීම බාරගන්නේ මම. මේ පහුගිය අවුරුදු 4 ඇතුළත ගොඩක් අවස්ථාවන් වලට මම මූණ දීල තියෙනවා අපි හම්බවුණම සුහදව කතා කරලා තියෙනවා. “

ඒ විදිහට අදහස් දක්වන ඇය ආයෙ නැවත වතාවක් කසාද ජීවිතයක් ගැන හිතන්නේ නැහැලු. නමුත් ඇයව 

 අසරණ වෙන එකම තැන අම්මා කෙනෙක් වෙන්න ඕනෙ කියන හීන කියලත් සඳහන් කළා. ඒ හීනේ තාමත් ඇයට අමතක කරන්න තරම් ශක්තියක් නැහැලු. 

ඉතින් ඇය කරන සියලු වැඩකටයුතු එයාකාරයෙන්ම සාර්ථක වේවා කියා සුභ පැතුම් එක් කරන්නෙමු.