Gossip Lanka

මගේ බිරිඳ නර්තන ගුරුවරියක් පාසල් ප්‍රේමයකින් තමයි විවාහ වුණේ මොනවා කළත් මුල් තැන පවුලට

Music video පන්සියයකට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායකත්වය ලබා දීපු ඒ වගේම ටෙලි නාට්‍ය රැසකට රංගන ශිල්පියෙක් විදිහට සාධාරණත්වයක් ඉෂ්ට කරපු කලාකරුවන් අතර ඉදිරියෙන්ම සිටින කලාකාරයෙක් තමයි විරාජ් පෙරේරා කියන්නේ. මේ දිනවල ඔහුව අපිට දැක බලාගන්න පුළුවන් වෙන්නේ අතිශයින් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් විදිහට විකාශය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රෙක්සි කියන චරිතය හරහායි.

මේ චරිතයට අද වෙද්දි ගොඩක් දෙනෙක් ආදරේ කරනවා ඒකට හේතුව ඔහු හරිම තාත්විකව ඒ රංගන නිර්මාණය තුළ රංගන කටයුතු කරන නිසයි.මේ දිනවල රටේ වාතාවරනය ගත්තහම ගොඩක් දෙනෙක්ට රංගන කටයුතු කරගෙන යන්න අපහසුතාවයක් ඇවිල්ලා තියෙනවා.ඒ වගේම තමයි පාර දිගේ ටෙලි නාට්‍ය රූගත කිරීම් කරද්දිත් ඔහු ගෙවන්න හරිම අපහසු කාලයක් කියලා විරාජ් සඳහන් කළා. ඒ වුණත් මේ වසර ඔහුට කලාවේ වසන්ත කාලය කිව්වොත් නිවැරදියි. මොකද කියනවනම් චිත්‍රපටි දෙකකට විරාජ්ට ආරාධනා ලැබිලා තියෙනවා රංගනයෙන් දායකත්වය දක්වන්න.මේක ඔහුගේ පළමු සිනමා අත්දැකීම කියලා තමයි විරාජ් සඳහන් කරන්නේ.

ඒ වගේම තමයි ඔහු  රූපරචනා රැසකට රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා ඇත්තටම කියනවා නම් ඒ වෙනුවෙන් අවස්ථාව ලබා දීපු ගායක ගායිකාවන්ට හදවතින්ම ස්තූති කරන්නත් ඔහු සෑම අවස්ථාවකදීම අමතක කරන්නේ නැහැ.සීයට 85ක් පමණ ලංකාවේ අතිශයින් ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත වලට රංගනයෙන් රඟපාන්නට ඔහුට අවස්ථාව ලැබීම ම ඔහුගේ වාසනාව විය හැකියි.

ඉතින් වර්තමාන කලා පරපුර ගැන සඳහන් කරන විරාජ්  ඒ පිළිබඳව කියන්නේ වර්තමාන කලා ලෝකය තුළ හතු පිපෙනවා වගේ ක්ෂේත්‍රයට අලුතින් බොහෝ දෙනෙක් එනවා යනවා කියලයි.. ඒ නිසාම ඔහුට නවකයන් අභියෝගයක් නෙවෙයි. ඒ වගේම පාර දිගේ ටෙලි නාට්‍යයේ උද්දික ප්‍රේමරත්න සමග ඔහු එකට රංගනය නිරත වෙද්දී රංගනය පිළිබඳව ඔහු නොදන්නා කාරණා උද්දික ගෙන් අහන්නත් අමතක කරන්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ විදිහට දවසෙන් දවස ඉගෙනගෙන තමයි මේ සුන්දර කලාකරුවා කලා ශේත්‍රයට නැතුවම බැරි චරිතයක් බවට පත්වුණේ.

අද වෙද්දි ඔහු විවාහක පුද්ගලයෙක් ඒ වගේම ආදරණීය පියෙක්. නමුත් ඒ කිසිම දෙයක් ඔහුගේ රංගන ජීවිතයට බාධාවක් වුණේ නැහැ. ඒක ආශිර්වාදයක් විතරයි. ඒ වගේම බිරිඳ ඇතුළු සියලුම දෙනාගෙන් මොහුට රංගනයට විශාල දායකත්වයක් සහ උදව් උපකාර ලැබෙනවා. ඒ පිළිබඳව විරාජ් කිව්වේ මේ වගේ සුන්දර කතාවක්.

“මම මොන දේ කරත් මුල්තැන දෙන්නේ පවුලට. වැඩිපුර කාලය ගත කරන්නේ මගේ බිරිඳ දරුවන් එක්ක.මගේ දුව හිල්වුඩ් ජාත්‍යන්තර පාසලේ 3 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.පුතා චන්දානන්ද බෞද්ධ විද්‍යාලයයේ එක ශේණියේ ඉන්නේ. පාසල් ප්‍රේමයකින් තමයි මම ඇය සමග විවාහ වුනේ එයා නර්තන ගුරුවරියක්. එදා වගේම අදත් අපි හරි ආදරෙන් ජීවත් වෙනවා චතූ කියන්නේ හොඳ ඉවසීමේ ශක්තිය තියෙන කාන්තාවක් නැත්නම් මට මේ වගේ ක්ෂේත්‍රයක වැඩකටයුතු කරගෙන ඉන්න ලැබෙන්නේ නැහැ”

විරාජ් රංගන ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පිළිබඳව ඒ විදිහට තමයි පුවත්පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ඔහුගේ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා එක සිතින් අපි ප්‍රාර්ථනා කරන්නෙමු.