Gossip Lanka

පිළිකා මාරයාට පැරදී ජීවිතයෙන් සමුගත් සිනමාවේ උසම නිළිය විශාකා සිරිවර්ධන

සුර දුතියෝ,සසර වේදනා,සත්‍ය දේවි,ඇහැලේපොළ කුමාරිහාමි වැනි නිර්මාණ ඔස්සේ  පුංචි තිරයෙන් ඒ වගේම සිනමාවෙන් ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබා ගත්තු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි විශාකා සිරිවර්ධන කියලා කියන්නේ.

ඇය සතු විශිෂ්ට රංගන කුසලතාවය නිසාම බොහෝ ප්‍රේක්ෂක පිරිසක් මේ දක්ෂ රංගන ශිල්පිනිය වටා එක් රොක් වුණා.නිරන්තරයෙන්ම සියලුම දෙනාගේ දුක සැප විමසමින් කවුරුත් සමග ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරපු මේ රංගන ශිල්පිනියගේ වියෝව කොයි කාටත් දරා ගන්නට නොහැකි වුණා.

ඒ පිළිබඳව සංවේදී සටහන් කිහිපයක්ම විවිධ කලාකරුවන් මුහුණු පොතට එකතු කළා. ඒ අතරින් ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් සහ දක්ෂ ගායකයෙක් වන දයාන් විතාන මහතා සඳහන් කර තිබුණේ මේ වගේ දෙයක්.මේ සසර ගමනේ යළිදු කිසිත් භවයක මෙවන් අකල් වියෝවක් ඔබට අත් නොවේවායි පතන අතර ආදරණීය විශාඛාවට නිවනේ දොරටු වැඩි ඈතක  නොවේ වා යි පතමි.

ඇගේ හදිසි අභාවය පිළිබඳව සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් සංවේදී වුණා. සිරි කුලරත්නගේ අනුරාධා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන ඇය සසර චේතනා සඳ මඬල ආදී චිත්‍රපටි වල කැපී පෙනෙන උප ප්‍රධාන චරිත විශිෂ්ට ආකාරයෙන් රඟ දැක්වූවා.

විශාකා සිරිවර්ධනයන්ගේ ඒ අපූරු දක්ෂතාවය නිසාම විටෙක ඇය ජනප්‍රියතම නිළිය වශයෙනුත් නැගී එන නිළිය වශයෙනුත් සම්මාන හිමි කරගන්නට වාසනාව ලැබුවා. ඇය මේ ආකාරයෙන් අපව හැර දමා ජීවිතයෙන් සමුගන්නේ රුදුරු පිළිකා  මාරයාට තම ජීවිතය කැප කරමින්.

පිළිකා රෝගය නිසා කලක පටන් අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී තමයි මේ ආකාරයෙන් ජීවන ගමනට සමුදෙන්නේ.

අද දින දැයෙන් සමුගත් විශාකා සිරිවර්ධන නැමැති විශිෂ්ට රංගන ශිල්පිනියට යළි උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ඇය ගොදුරු නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරන අතර උතුම් නිවන් සුව  අපි එක් කරන්නෙමු.