මම විවාහ වුණේ මගේ හොඳම යාලුවා එක්ක යාලුවෝ දෙන්නෙකුට එකට පවුල් කන්න බැහැ.වොල්ගා කල්පනි කියන සංවේදී කතාව
පසුගිය දවසක පැවැත්වුණු රයිගම් සම්මාන උළෙලේදී හොඳම නිළිය විදිහට සම්මානය ලබා ගන්නට වාසනාව ලබපු ආදරණීය පුංචි තිරයේ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ.ඇය ගැන ඕනෙම කෙනෙක් දන්නවා ඒ තරම්ම ජනතාව අතර ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා.
වොල්ගා කල්පනී කියන්නේ ජීවිතය දිහා ආදරේ දිහා ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක්.ඒ වෙනස නිසාම ඇය කිසිසේත් කසාද බඳිනවා කියන එක එහෙමත් නැත්නම් ආදරේ කියන එක නීතිය රාමුවකට ගෙනියනවට කිසිසේත් එකඟ වෙන්නේ නැහැ.
ඒකට හේතුව ඇයගේ ජීවිතය මුහුණ දීපු යම් යම් සිදුවීම් නිසා වෙන්න ඇති.වොල්ගා විවාහ වෙන්න තීරණය කරන්නේ ශේත්‍රයට ආපු දවසේ පටන් ඇයගේ හැමදේම දන්න කියන හොඳම යාළුවා එක්ක.ඔහු තමයි ජනප්‍රිය රංගන ශිල්පී හර්ෂණ බෙත්මගේ
හැබැයි අවාසනාවට මේ විවාහ ජීවිතය දෙදෙනාටම සාර්ථකව ගත කරන්නට අවස්ථාව උදා වුණේ නැහැ
එනිසා බොහොම සුහදශීලීව ගත ගත්ත තීරණයකට අනුව මේ දෙදෙනාම විවාහයට සමුදුන්නා.හර්ෂණ නැවත වතාවක් විවාහ ජීවිතයක් ගැන හිතලා ඇයත් එක්ක සතුටින් කාලය ගත කළත් වොල්ගා නම් තාමත් තනිකඩ තමයි ජීවත් වෙන්නේ.ඉතින් ඇය ආදරේ ගැන සහ ඇය ගතකරන මේ තනිකඩ ජීවිතය ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“මගේ ආදරය විවාහ සහතිකයක ට වඩා පිරිසිදුයි.මම විවාහ වුණේ මගේ හොඳම යාලුවා එක්ක.අදටත් ඔහු මගේ හොඳ යාළුවෙක්.යාලුවෝ දෙන්නෙකුට පවුල් කන්න අමාරුයි කියන කියනදේ විතරයි මම එතනදි තේරුම් ගත්තේ.විවාහ සහතිකයකට නැවත වතාවක් මම මගේ ආදරය බාල්දු කරන් නෑ.තාම මම නීත්‍යානුකූල විවාහයකට යන්න මොකද ඒ සහතිකයට බෑ ආදරේ මනින්න”
දෙන්න ඔන්න ඔය විදිහට තමයි වොල්ගා තමන්ගෙන් ගිලිහුණු ඒ ආදරේ ගැන අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ.කෙසේ නමුත් ඇය බලාපොරොත්තුවෙන්නාවූ ආදරයක් ඉතාමත් ඉක්මනින් ඇයට මුණ ගැසේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.