Gossip Lanka

ළඟ සිටින අය අසීමිතව විශ්වාස කරන එක මගේ අඩුපාඩුවක් ආදරේ කරන කෙනා දිහා සතුටින් බලන්න පුළුවන් නම් හොඳයි

මේ දිනවල පාරදිගේ ටෙලි නාට්‍යයේ  ටුටූ කියන චරිතය හරහාත් මාණික්කාවත ටෙලිනාට්‍යයේ ගුණාදරි කියන චරිතය හරහාත් ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර කලාකාරිනිය ඔබ අප කවුරුත් දන්නා වොල්ගා කල්පනී.ඇය පිළිබඳව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.පුංචි කාලේ ඉඳන්ම කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච වොල්ගා ප්‍රවීණ කලාකරුවන් හා සමග අද වෙද්දී කරට කර රංගනයේ නිරත වෙන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පිනියක් වෙලා අවසන්.ඇයට වර්තමානයේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ ලැබුණු මේ චරිත නිසාම වොල්ගා කල්පනී කියන නම තවත් බොහෝ කාලයක් ප්‍රේක්ෂකයන්ට  කියන්න පුළුවන් නමක් බවට පත්වෙලා. මේ දවස් වල  ඇගේ රංගන දිවියේ වසන්ත කාලය කිව්වොත් නිවැරදියි. එනිසාම ඇය ගත කරන ඒ කාල සීමාව ගැන කිව්වේ මේ වගේ කතාවක්.

රංගන ජීවිතය ගත්තොත් රංගන ජීවිතයේ වසන්ත කාලය කියලා කියන්න පුළුවන්. ඉතින් රංගන ජීවිතයේ වසන්ත කාලය ඒ විදිහට ගත කරද්දි සාමාන්‍ය ජීවිතය කරදරයකින් නැතුව සැහැල්ලුවෙන් පහසුවෙන් ඉන්නවා.මේ වෙද්දි එකිනෙකට වෙනස් ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනවා සුදත් රෝහණ මහත්මයගෙ මාණික්කාවත සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ගේ පාරදිගේ ටෙලි නාට්‍යය. මේකෙ මේ චරිත දෙක සම්පූර්ණ දෙ විදිහක්”

චරිත දෙක දෙවිදියක්  උනත් ඇය ඒ චරිත චරිතවලට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරනවා ඒ නිසාම තමයි ප්‍රේක්ෂකයන් තවමත් ඇයට ආදරේ. ඇය නිවේදන කටයුතුවලත් නිරත වෙලා ඉන්න කෙනෙක් රංගනයට අමතරව ඉඩ ලද සෑම අවස්ථාවකදීම විවිධ  නාලිකා වල විශේෂ වැඩසටහන් සඳහා ඇයට ආරාධනා එනවා. ඒ නිසා නිවේදනය ඇය අත්හරින්න කැමති නැහැ මොකද නිවේදනය කියලා දෙයට වොල්ගා පුංචි කාලේ ඉඳන්ම ගොඩක් ආදරේ කරන නිසා.  ඒ වගේම තමයි ඇය කියනවා සියලුම වැඩ සමබරව කරගෙන යමින් ඕනෑම දේකට  සාධාරණත්වයක් ඉෂ්ට කරන්න කැප වෙන නිසාම  ඇය විසින් නිරූපණය කරන පුංචි චරිතයකට පවා ගොඩක් දෙනෙක් මහලොකුවට ආදරය කරනවා කියන දේ.

ඒ වගේම තමයි අද වෙනවිට වොල්ගා හර්ෂණ බෙත්මගේ සමග ආරම්භ කරපු යුග දිවියෙන් වෙන්වෙලා තනිකඩ ජීවිතයක් ගත කරනවා කියන්න කවුරුත් දන්නවා. එනිසාම ජීවිතය ගැන ආදරය ගැන හිතන්නෙ සාමාන්‍යයෙන් ගැහැණු කෙනෙක් හිතනවාටත් වඩා වෙනස් විදිහකට.ඒ ගැන වොල්ගා කිව්වේ මේ වගේ කතාවක්.

ජීවිතය කියන්නේ දුක සැප සියල්ල එක්ක ගලාගෙන යන දෙයක්.ආදරේ කියන්නේ ලබා ගැනීම ලොවේ තමන් ආදරේ ආදරේ කරන කෙනෙක් දිහා සතුටින් බලාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි.මට හිතෙන විදිහට මම බොහොම සරල කෙනෙක් අනික් හැම විටම හොදින් ඉන්න ඕනෑ කියලා හිතන කෙනෙක්.ඒ වගේම ළඟ ඉන්න අය අසීමිතව විශ්වාස කරන කෙනෙක් එක මගේ ලොකු අඩුපාඩුවක්”

ඉතින් ඇය ඇය ගැනත් ඇයගේ රංගන ජීවිතේ ගැනත් සති අග පුවත් පතකට  ඒ විදිහට තමයි අදහස් ඉදිරිපත් කරල තිබුනෙ. කෙසේ නමුත් මේ සුන්දර රංගන ශිල්පිනියගේ රංගන ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.