Gossip Lanka

දඩබ්බර කොල්ලෙක්ගෙ ආදරේ හරි ලස්සනයි සීනි බෝල කොල්ලන්ට කැමති වුණු කාලේ ඉවරයි

මේ දින වල නවක රංගන ශිල්පිනියක් විදිහට විවිධාකාරයේ ටෙලි නිර්මාණයක් හරහා දැකබලා ගන්න පුළුවන්  සුරූපී රංගන ශිල්පිනියක් තමයි වගීෂා සල්ගාදු කියන්නේ. තමන් රංගනයෙන් දායක වන නිර්මාණයන් හරහා ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දිනා ගන්නට හැකියාව තියෙනවා නං නම් ඔහු හෝ ඇය ඇත්තටම සැබවින්ම වාසනාවන්ත කලාකාරිනියක් වෙනවා.ඉතින් ඇයටත් මේ දිනවල විකාශය වන ළංවී ටෙලි නාට්‍යය එවගේම දිවිතුරා සහ රාජිණි කියන ටෙලි නාට්‍යවල චරිත හරහා ඉහළ ප්‍රේක්ෂක ආදරයක් රසිකයන්ගෙන් ලැබෙනවා.

ඉතින් මේ සුන්දර තාරකාවිය කලා ලෝකයට එන්නේ මේ මෑතකදී. ඇය මුලින්ම නිවේදන කටයුතු තමයි කරලා තියෙන්නෙ 2015 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ වේදිකා නාට්‍යයකටත් අය සම්බන්ධ වෙලා තියෙනවා ඒ තුළින් ජයග්‍රහණය කරන්නත් වගීෂට හැකියාව ලැබෙනවා. ඒ අවස්ථාවේදී තමයි ඇය මුලින්ම රංගනයට එකතු වෙන්නේ.

“මම මුලින්ම රංගනයට එකතුවෙන්නේ වේදිකාවෙන් ඒ එකතුවීම මට ලොකුම දායකත්වයක් ලැබෙන්නේ පාසලෙන්. මම පාසල් තුනකට ගියා. නිවේදනයට සහ ගායනයට තමයි ගොඩක් යොමු වෙලා හිටියෙ මගේ තාත්තා සංගීතය හදාරපු කෙනෙක් එයාට සංගීත කණ්ඩායමකුත් තිබිලා තියෙනවා ඒ නිසා නිසා මම අපේ ගෙදර සංගීත පරිසරයක් නිර්මාණය වුණා. ඒ හේතුව නිසා මම මේ අංශ දෙකටම යොමු වෙලා හිටිය මට ආසාවක් තිබුණා ගායන ශිල්පිනියක් වෙන්න.”

ඇයට ගායිකාවක් වෙන්නත් හීන තිබිලා තියෙනවා නමුත් පුංචි කාලේ කණ්නාඩිය ඉස්සරහට ගිහින් ඇය රංගන ශිල්පිනියක් විදිහටත් විවිධ චරිත අනුගමනය කරලා තියෙනවා කියලා වගීෂා සඳහන් කරනවා.ඇය මේ දිනවල තමන්ගේ රංගන කටයුතුත් එක්ක අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා කියලා ආරංචියි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව  සහ නීතිය හදාරන ශිෂ්‍යාවක් තමයි ඇය. ඉතින් ඕනෑම තරුණියක් යෞවනියක් උනාට පස්සේ ආදරය ගැන හිතන්න පටන් ගන්නවා ඒ වගේම ආදරේ කරන්න කොයි වගේ කෙනෙක්ද තෝරගන්න ඕනෙ කියල හිතන්න තීරණය කරනවා. ඒ වගේම මේ කාලේ කුමාරයාට වඩා වැද්දට ආදරේ කරන කෙල්ලෝ වැඩියි. ඒ සම්බන්ධයෙන් වගීෂා කිව්වේ මේ වගේ කතාවක්.

“මම හිතනවා දඩබ්බර කොල්ලෙක්ගෙ ආදරේ හරි ලස්සනයි කියලා හිතාගන්න බැරි රසයක් ඒ ආදරේ තුළ තියනවා. වැද්දට ගොඩක් දේවල් සමාජය ගැන තේරෙනවා නමුත් කුමාරයා හැදෙන්නේ මාලිගාවේ. ඒ නිසා සමාජය ගැන කුමාරයාට වැඩි තේරුමක් නැහැ මම දකින විදියට සීනිබෝල කොල්ලන්ට කෙල්ලෝ කැමති වුණු කාලේ ඉවරයි. ලස්සනට ඇඳලා කරලා වාහනේ එන කොල්ලන්ට වඩා දැන් කෙල්ලො හොයන්නේ මහන්සියෙන් වැඩක් කරගෙන ලස්සන ගමනක් යන කොන්ද පණ තියෙන පිරිමියෙක්ව”

ඉතින් ඇය ඒ විදිහෙ කෙනෙක් තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඇත්තේ නමුත් තවමත් සැබෑ ජීවිතය තුළ පෙම්වතියක් නෙවෙයි කියලත් වගීෂා සඳහන් කළා. නුදුරු අනාගතයේ කදී ඇයට හිත ගිය ගැලපෙන ආදරණීය චරිතයක් හමුවේවා කියා අපි හදවතින්ම සුභාශිංසන එක් කරන්නෙමු.