Gossip Lanka

ගිහිගෙය ගැන කලකිරුණු සටහනක් තබා ප්‍රවීණ නිළි යශෝධා විමලධර්ම පැවිදි දිවියට  යන්න සූදානමින් ද

සිංහල සිනමාවට ඒ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ටත් අති විශාල මෙහෙයක් ඉටු කරපු දක්ෂ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් තමයි යශෝධා විමලධර්ම කියලා කියන්නේ. මේ වන විට පනස් දෙවැනි වියේ  තම ජීවන කාලය ගත කරන මේ සොඳුරු රංගන ශිල්පිනියන් එදා වගේම අදටත් හරිම ලස්සනයි. ඇයට හිමි රූපකාය රැකගෙන  ඒ සොඳුරු සිනහවත් එක්ක බොහෝ නිර්මාණ රැසක්ම අපට දායාද කරන්න ඇය සමත් වුණා.

වර්ෂ 1970 ඔක්තෝම්බර් මස 28 වැනි දින උපත ලබන මේ සුරූපපී රංගන ශිල්පිනිය හින්දි භාෂාව පිළිබඳව මනා අධ්‍යනයකින්  යුතු කෙනෙක් ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්  වශයෙන් ද ඇය කටයුතු කරනවා. ඇය විසින් රඟපෑ සිනමා නිර්මාණයන් අතර මහරජ ගැමුණු ,තීර්ථ යාත්‍රා ,ඝරසරප ,සමනල සන්ධවනිය ,අනන්ත රාත්‍රිය  ආදී නිර්මාණයන් ප්‍රධාන තැනක් ගන්නවා.

ඒ වගේම ඇයගේ රංගනය හැඩ වූ ටෙලි නිර්මාණ අතර සූරිය දරුවෝ ,නෑනලා ,කඩතිර ,දූවරු ,රාහු ,සත්පුර වැසියෝ ,සමුද්‍ර ඡායා ,විහඟ ගීතය ආදරේ නිර්මාණයන්ද අදටත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේ නිර්මාණයන් වෙලා තියෙනවා. ඇය  මේ වන විටත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් සමග පැවැත්වූ සම්බන්ධතාවයක් අතරමග නැවතුනු නිසා  ඇය මේ විදිහට හැමදාම සදාකාලිකවම තනිකඩව ඉන්නවා කියලයි.

කෙසේ නමුත් පසුගිය දවසක ඇය ගත කරන මේ ජීවිතය පිළිබඳව කලකිරිලා දෝ මන්දා හරි අමුතු සටහනක් මුහුණු පොතට එකතු කරනවා. ඉතින් ඒ සටහනේ තිබ්බේ කහ වතක් දරන්නට ඇය කැමති කියන ආකාරය අදහසක්. ඒ සටහන පහතින් දක්වා ඇත.

” තවත් කල් හිඳින්නද

 ගිහි ගෙයම ගිනි ගොඩක්  

 ඇත්තමයි හිතෙනවා

 දරන්නට කහවතක්”

ඇය ඒ විදිහට සටහනක් තමන්ගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා. ඉතින් ගොඩක් දෙනෙක් සඳහන් කළේ තනිකඩ ජීවිතයක් ගත කරන නිසා අවසානයේ ඇය මහන දම් පුරන්නට සූදානම් වෙනවා කියලයි. කෙසේ නමුත් ඉන්න තැනක සතුටින් ඉඳගෙන ජීවිතේ සැදෑ කාලය නිදහසේ ගත ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු .