Gossip Lanka

මගේ නම්බරේ දෙන්න පොඩ්ඩක් අමාරුයි නේ? යොහානි රසිකයෙක්ට කියපු අමුතු කතාව

තරු තියෙන්න සාමාන්‍යයෙන් අහසේ. නමුත් තමන් උපන් රටත් බබළවමින් පොළොවට පායපු සොඳුරු තරුවක් තමයි යොහානි ද සිල්වා කියලා කියන්නේ. ඇය පිළිබඳව අටුවා ටිකා අවශ්‍ය නැහැ. මොකද මේ වන විටත් විටත් ලෝකයක් දන්නවා යොහානි කියන්නේ කවුද කියලා.

මැනිකේ මගේ හිතේ ගීතය නිසා ඉන්දියාව ඇතුලු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ යොහානි මේ වෙද්දි අලුත්ම සංගීත ගමනක් ආරම්භ කරලා. මැනිකේ මගේ හිතේ කියන ගීතය නිසා ඇයට ලැබුණු අවස්ථා බොහෝයි.

ඒ අතරින් හින්දි චිත්‍රපටියක නිල තේමා ගීතය ගායනා කරන්නත් යොහානිට අවස්ථාව උදා වෙනවා. මේ සියලුම දේ ඇයට හිමි වුණේ නැවත වතාවක් ප්‍රතිනිර්මාණය කරමින් ගායනා කළ මැනිකේ මගේ හිතේ ගීතය නිසයි. ඇය මේ දවස් වල අලුත්ම වැඩ කොටසකට සම්බන්ධ වෙලා තියෙනවා. එහි පළමු එළිදැක්වීම විදිහට පසුගිය දිනක ඇය විසින් අලුත්ම ගීතයක් ප්‍රේක්ෂකයන්ට දායාද කළා.

මේ ගීතය ඉංග්‍රීසි බසින් යොහානි ගායනා කළත් එහි ඇතුළත සිංහල ගීත කොටසක්ද තිබීම විශේෂත්වයක්. මේ වන විට ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟ යොහානිට හුස්ම ගන්න තරම්වත් විවේකයක් නැහැ. ඇය ලබන අවුරුද්දෙ මැදක් වෙනතුරුම එක දිගටම විවිධ වැඩ කටයුතු භාර ගෙන අවසන්. අඩුම තරමේ තමන්ගේ දෙමව්පියන් එක්කවත් එකට ඉන්න කාලයක් ඇයට නැහැ.

කෙසේනමුත් විවිධ ආරාධනා මත ඇයට ලැබෙන රූපවාහිනී වැඩසටහන් වලට ඉඩ කඩ ලද සෑම විවේකයකදී ම සහභාගි වෙන්න යොහානි අමතක කරන්නේ නැහැ. ඒ වගේ පසුගිය දිනක   ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වූ යොහානිට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඒ තමයි රටේ  හැමතැනම යොහානි ට ආදරේ කරන ප්‍රේක්ෂකයන් අතරෙන් එක් රසිකාවියක් ඇයට දුරකතනයෙන් කතා කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ඇය මේ රසිකාවිය ට ඉතාමත් හොඳින් පිළිතුරු දෙනවා. ඇය ආරාධනා කරනවා තමන්ගේ ප්‍රසංගයක් බැලීමට ඇයට එන්න කියලා.

මේ රසිකාවිය යෙහානිගේ ගීතය වගේම ඇයට මේ අවස්ථාවේදී කතා කරන්න ලැබීම පිළිබඳවත් හිත තුල තිබ්බ සතුට ප්‍රකාශ කළා. ඊට පස්සේ අවසානයේ ඇය යොහානිගේ දුරකථන අංකය ඉල්ලනවා. ඇත්තටම ජනප්‍රියත්වයත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න යොහානිට දුරකථන ඇමතුම මේ විදිහට ප්‍රසිද්ධියේ දෙන්න බැහැ. 

ඒ නිසා ඇය මගේ නම්බරේ දෙන්න පොඩ්ඩක් අමාරුයි නේ කියලා හිනා වෙනවා. ඊට පස්සේ යොහානි ව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන ඇමතුමක් නිෂ්පාදක කාර්ය මණ්ඩලයෙන් ලබාගැනීමට හැකියාවක් තියෙනවා කියලත් මේ වැඩසටහන මෙහෙය වූ නිවේදිකාව සඳහන් කළා.කෙසේ නමුත් මේ තරම් ජනප්‍රිය තරුවකට පෞද්ගලිකව සෑම දුරකථන ඇමතුමක් කටම කතා කරන්න කාලය නැහැ. ඒ නිසා තමයි ඇය ඒ ආකාරයේ පිළිතුරක් දෙන්න ඇත්තේ. ඒ මොනවා වුණත් ඉතාමත් හොඳින් තමන්ගේ ඉදිරි ගමන යාමට සැරසෙන මේ පුංචි තාරකාවට අනාගත ලෝකය තව තවත් අතික්‍රමණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.