Gossip Lanka

මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්ච දේ.යොහානිට රාහුල හිමියන් ගෙන් සැර ප්‍රකාශයක්.   

සතීෂාන්ගේ මැනිකේ මගේ හිතේ කියන ගීතය ගායනා කරලා   ඉතාමත් ටික කාලයකින් ජාත්‍යන්තරය තුල ප්‍රසිද්ධ වුණු තරුවක් විදියට යොහානි ගැන අද නොදන්න කෙනෙක් නොමැති තරම්. ශ්‍රී ලංකාව තුළ පමණක් නොවෙයි ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන් ඉන්දියාව වැනි රටක ඇගේ දක්ෂතාවය ඉහළින්ම කතා කරන්නට පටන් ගත්තා.

ඒ නිසාම ඉන්දියානු  ජනතාවගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ ඉන්දියාවට ගිහින් ප්‍රසංග දෙකක් පවත්වන්නට යොහානිට අවස්ථාව උදා වුණා. මේ වන විට ඇය ප්‍රසංග දෙක සාර්ථකව පවත්වත්වලා ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඉන්නේ.  ඒ වගේම ඇය අලුත් ගීත නිර්මාණයක් කිහිපයක්ම මේ වන විට එළිදක්වලා අවසන්.

ඇයි විසින් ගායනා කරපු මැනිකේ මගේ හිතේ කියන ගීතය යූටියුබ් මිලියන වාර ගණන් පසු කරද්දී  ශ්‍රී ලංකාව තුලත් ඇය පිළිබඳව ටිකෙන් ටික කතා කරන්න පටන් ගත්තා. නමුත් ප්‍රවීණ ගායක ගායිකාවන් විශේෂයෙන් ඇයට සුබපතලා තිබ්බේ නැහැ. ඒ සියලුම දෙනා අතරින් ජාතික නාමල් උයන වන වාසී රාහුල හිමියන් යොහානිට සුබ පතන්න දෙපාරක් හිතන්නේ නැහැ.

ඒ කෙසේ නමුත් මේ නිසා රාහුල හිමියන් ඉතාමත් අපහසුතාවයකට පත්වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ සිදුවුනු සිදුවීම පිළිබඳව උන්වහන්සේ අදහස් දැක්වුයේ ආකාරයෙන්.

අනුන්ගෙ සිංදුවක් කියලා හරි අපේ රටේ එකියක් ඉදිරියට යනවා නම් හොඳයිනේ. ඒ හින්දා මම ඒකි ගැන මුහුණු පොතේ ලිව්වා. ඒකට මට ගොඩක් එවුන් බැන්නත් එක්ක ඒකෙන් කමක් නැහැ. මම කෝකටත් කියලා කෙල්ලට සුභ පතන්න ඕනේ කියලා ගත්තා. මෙන්න යකෝ කතා කළේ මේකිගෙ මැනේජර් ද මොකක්ද කියන එකෙක්. එයාට කතා කරන්න බැහැ එයා හමුවෙන්නත් බැහැ කියලා ඔහු කිව්වා. යකෝ පස්සේ අර මැනේජරය කියන ගොබිලා  මම දන්න කෙනෙකුට කියලා තියෙනවා අපිට මොකටද හාමුදුරුවරු කියලා.

උන්වහන්සේ ඉතාමත් ආවේගශීලීව මෙවැනි ආකාරයේ සටහනක් මුහුණ පොතට එකතු කරලා තිබ්බා. මේ සටහනේ ප්‍රධාන වශයෙන් ම උන්වහන්සේ සටහන් කරලා තිබ්බේ කටුස්සාගේ කරේ රත්තරන් බැන්නහම වෙන්නේ මොකද කියලා කතාවකුත් තියෙනවනේ  ඒක ම තමයි මේ මම හිතන් හිටියේ ඉතාම නිහතමානීකමෙන් ඉදිරියට කටයුතු කරගෙන යයි කියලා අපෝ. යනුවෙන්.

කෙසේ නමුත් නිලයෙන් බලයෙන් ධනයෙන් ඉදිරියට යන විට යනවිට නිහතමානීකම කියන ගුණාංගය වෙනදටත් වඩා මිනිසුන් විසින් ප්‍රගුණ කළ යුතුයි එයයි. ජීවිතයේ වටිනාකම තීරණය කරන එකම සාධකය. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ දුරකථන ඇමතුම ගත් විට යොහානිගේ මැනේජර් කියන මේ පුද්ගලයා  තවත් පුද්ගලයෙක් සමඟ  අපිට මොකටද හාමුදුරුවරු කියලා  කියපු ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බොහෝ දෙනෙක් හෙළා දැක්කා.

අවසාන වශයෙන් උන්වහන්සේ සඳහන් කරන්නේ ඕනෙම කෙනෙක්ට ඕනවට වඩා ප්‍රසිද්ධිය හමු වුණාට පස්සේ  ඒකෙන් පිම්බුණොත් ගිහි හෝ පැවිදි ඕනෙම කෙනෙක් ඉතාමත් ඉක්මනින්  පශ්චාත්භාගය බිම ඇන ගන්නවා බොලව්  කියමින්ය.

උන්වහන්සේ මුහුණු පොතට එකතු කරපු ඒ සටහන පහතින් දක්වා ඇත.