Gossip Lanka

ගෑණු ළමයෙක්ගෙ කකුලක් පේන එක පවක්ද 80 පැන්නත් මම විලාසිතා කරනවා

යුරේනි නොෂිකා කියලා කියන්නේ කාලෙන් කාලෙට බොහෝ දෙනෙක් අතර කට කතා මවන චරිතයක් බවට පත් වෙච්ච දක්ෂ රංගන ශිල්පිනියක්. කාලෙන් කාලෙට ඇය පිළිබඳව විවිධ කට කතා ගෙතුනත්  යුරේනි නම් ඒ කිසිම දෙයක් ගනන් ගන්නේ නෑ. ඒ වගේම පසුගිය කාලසීමාව තුළදී ඇය අමුතු විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කීපයක් ම සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

වසංගත රෝග කාල සීමාව නිසා ගෙදරටම වෙලා කටයුතු කරපු යුරේනි මේ වෙද්දි නාට්‍ය කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා කියලා ආරංචියි. වර්තමානයේ දී නාට්‍ය තුනකටම එකපාර සම්බන්ධ වෙලා රංගන කටයුතුවලට දායකත්වය දක්වන්න ඇයට අවස්ථාව හිමිවුණා.

ඒ වගේම තමයි නිවේදිකාවක් වශයෙන් කටයුතු කරන්නන් යුරේනිට මේ වෙද්දි අවස්ථාව හිමිවෙලා. පසුගිය කාලයේ ඇය ගත කරපු  සොඳුර ජීවිතය පිළිබඳව යුරේනි අදහස් ඉදිරිපත් කළේ පහත ආකාරයට 

පහුගිය කාලෙ  නම් හොඳ ඇඩ්වෙන්චර්ස් බොහොමයක නිරත වුණා. හොඳට ඇවිද්දා එක එක වැඩ නිසා මගේ ජීවිතේ මම ආස කරපු ගොඩක් දේවල් මග හැරුණා. දැන් මේ නාට්‍ය වල වැඩ කටයුතු ඉවර උනහම ජනවාරි මාසේ හිතන් ඉන්නව කන්දක් නගින්න යන්න. Sky driving ආසාවත් කොහොමහරි ඉෂ්ට කරගන්න ඕනේ.

මේ විදිහට විවිධ ඇඩ්වෙන්චර්ස් අත්හදා බලන්න ආස වන ඇය  ජීවිතේ කරන්න ඕනේ දේවල් එදාම කරනවා මිසක් කල් දාන්න  කැමැති කෙනෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් කාන්තාවක්  ලස්සන විලාසිතාවක් කරහම බොහෝ දෙනෙක් තමන්ගේ අදහස ඒ සඳහා ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි පසුගිය දවසක යුරේනි විසින් කරපු ඒ අලුත්ම විලාසිතාව පිලිබදව ගොඩක් දෙනෙක් අදහස් දක්වලා තිබුණා. ඉතින් ඒ පිළිබඳව යුරේනි අදහස් දැක්වුයේ පහත ආකාරයට.

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවක්. ඒ අවුරුදු පහළොවේ ම මම විවිධ විලාසිතා කළා. ඒ අතරේ ඔසරියෙ ඉඳන් කොට ගවුම වෙනකන් ඇදලා තියෙනවා. මම නම් ඔය කියන කිසිම කතාවක් ගණන් ගන්නෙ නැහැ. මාව ලගින් ආශ්‍රය කරන මිනිස්සු දන්නවා මම විලාසිතා කරන විදිහ ගැන. ඒවා හරිම වෙනස්. ඉතින් සමහරු ඒ විලාසිතාවලට එකඟ වෙනවා සමහරු එකඟ වෙන්නේ නැහැ. එකඟ නොවුණා  කියලා මම ආස කරන ඇඳුම් මම නොඇඳ ඉන්නෙත් නෑ. විලාසිතා කරන එක නවත්වන්නේ නැහැ අවුරුදු 80 පැන්නත් මම විලාසිතා කරනවා.

ගෑණු ළමයෙක්ගෙ කකුල පේන එක ලොකු පවක් විදිහට සලකන කට්ටිය ඔවුන්ගේ ජීවිතය ඊට වඩා පව් රැස් කරගන්නවා තව මනුස්සයෙක්ට  හිනාවෙලා. කියමනක් තියනවනේ ඵල ඇති රුකටයි ගල් ගහන්න කියලා ඉතින් මට හැමතිස්සෙම හිතන දෙයක් තමයි ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවක් ගිහිල්ලත් මිනිස්සු මට එක එක දේවල් කියනකොට මම තවමත් ඵල දරන හොඳ රුකක් කියලා.

ඇය සමාජය තුළින් ඇයගේ විලාසිතා පිළිබඳව නගන විවිධ චෝදනාවන් වලට ඒ විදිහටයි පිළිතුරු දුන්නේ. ඒ වගේම එහෙම දාලා තියෙන කමෙන්ට් කියවපුහම ඇඟේ ලේ ටිකත් පිරිසුදු වෙනවා කියලා ඇය සඳහන් කළ. පුංචි කාලේ නිළියක් වෙන්න හීනෙන්වත් ඇය හිතුවෙ නැති වුණාට වර්තමානය වෙද්දි ගොඩක් දෙනෙක් දන්න කියන නිළියක් බවට ඇයට පත්වෙන්න ලැබුණ එකම හීනයක් කියලත් හිතෙනවා.

මෙ අපූරු රංගන ශිල්පිනිය තාමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ ඉදිරියේදී විවාහ ජීවිතය පිළිබඳව හිතන්නත් ඇය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් යුරේනි නොෂිකාගේ සියලුම අනාගත බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වේවා කියා අපි හදවතින් ම ඇම ඇයට සුබ පැතුම් එකතු කරන්නේමු.