Gossip Lanka

පාරේ බස් එකේ වැඩට ගියපු මගේ එකම හීනේ උනේ කොහොම හරි කාර් එකක් ගන්න එක

යුරේණි නොෂිකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් සිනමාව තුළත් බොහෝ අවස්ථාවන් වල දී ආන්දෝලාත්මක කතා පුවත් වලට භාජනය වුණු රංගන ශිල්පිනියක්. කෙසේ නමුත් රංගන ශිල්පිනියක් වශයෙන් ඇගේ සේවය සහ දක්ෂතාවයන් උපරිම නිර්මාණයන් වලට ලබා දෙන්නට යුරේනි අමතක කරන්නේ නැහැ.

ඇය රංගන ශිල්පිනියකට අමතරව අපිට නිවේදන ශිල්පිනියක් වශයෙන් ද දැකබලා ගැනීමට අවස්ථාව උදා වුණා. ඒ අතරින් හිරු නාලිකාවේ විකාශය වූ මෙගා ස්ටාර්  තරගාවලියේ නිවේදිකාවක් වශයෙන් ද ඇය  කටයුතු කළා. බොහෝ අවස්ථාවන් වලදී යුරේනි පිළිබඳව නොයෙක් දෙනා කතාබහ කරන්නට පටන් ගන්නේ ඇගේ විලාසිතාවක් නිසා.

ගොඩක් වෙලාවට මේ විලාසිතා බොහෝ දෙනෙක් විවේචනය කළා. යුරේනි අඳින පළඳින විදිය සාමාන්‍ය කෙනෙක්ට වඩා ටිකක් වෙනස්. ඇය හැඩට ඉන්න ආස නිසා ගොඩක්ම අඳින්නේ කොටට. එක්තරා අවස්ථාවකදී  ඇය සඳහන් කළේ ඇය දිගට ඇන්ද එකම ඇඳුම  ස්කූල් යුනිෆෝම් එක විතරයි කියලා. ඒකත් කොටට අඳින්න පුලුවන් කම තිබුනා නං කොටට අඳිනවා කියලත් යුරේනි  සඳහන් කරලා තිබුනා.

කෙසේ නමුත් ලස්සනට ඉන්න තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන නිතර හිතන මේ රංගන ශිල්පිනිය ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගතකරලා තමයි මේ වගේ සාර්ථකත්වයක් අත්පත් කර ගන්නේ. ඇගේ ඒ ජීවිත කතාව පිළිබඳව ඇය සංවේදී වෙමින් අදහස් දැක්වූවේ පහත ආකාරයෙන්.

මම පොඩි කාලෙම මගේ දෙමව්පියන් නැති වුණා. මාව බලාගත්තේ මගේ ආච්චි අම්මා. මම පොඩි කාලේ ඉඳලම කාර් වල යන්න ආසයි. ඉස්සර මායි ආච්චි පාරේ යනකොට ලස්සන කාර් පාරේ යනවා දැකලා මම හිතා ගත්තා මම කොහොම හරි ජීවිතෙන් යන්න කලින් කාර් එකක් ගන්නවා කියලා. මට විශ්ව විද්‍යාලයකට යන්න වරම් ලැබුණත් මගේ ආච්චිට සල්ලි තිබුණේ නැති හින්දා මං ඒලෙවල් වලින් පස්සේ ජොබ් එකට ගියා.

 ගිහින් හැමදාම ගෙදර ආවේ පාරේ බස් එකේ . පොඩි කාලේ ඉඳලම හැමදාම මගේ ඔළුවේ තිබුණේ කාර් එකක් ගන්න සිහිනේ. අද වෙනකොට ඒක මං හිතුවටත් වඩා ලොකුවට සැබෑ වෙලා. පුළුවන් තරම් සිහින දකින්න ඒ සිහින වෙනුවෙන් වැඩ කරන්න අනිවාර්යෙන්ම සිහින සැබෑවක් වේවි.

යුරේනි මේ සංවේදී කතාව අවසන් කරන්නේ ඒ ආකාරයේ පණිවුඩයක් සියලුම දෙනාට ලබාදෙමින්. ඇත්ත වශයෙන්ම තමන්ගේ සිහින තමන්ට කැපවීම තියෙනවා තියෙනවා නම්  හැබෑ කර ගන්නට පුළුවන්. ඉතින් ඒ වගේ දුෂ්කර ගමනක් සාර්ථකව ජය ගත්තු රංගන ශිල්පිනියක් තමයි යුරේනි කියලා  කියන්නේ. ඉතින් ඇගේ ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.