Siri Lankawa

Web Postal

මට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුනොත් මගේ ජීවිතේ සම්පූර්ණයි.දමිතා ප්‍රසිද්ධියේ හඬමින් කළ සංවේදී ප්‍රකාශය

දමිතා අබේරත්න කියන්නේ අපේ ටෙලි නාට්‍ය තුළ බොහෝ දෙනාගේ කතාබහට l ලක්වෙච්ච ආදරණීය කලාකාරිනියක්. ඒ වගේම ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.පසුගිය කාලසීමාවේදී දමිතා පිළිබඳව නැවත වතාවක් ආයෙත් කතා කරන්න පටන් ගත්තා.

ඒකට හේතුව ඇය පසුගිය කාල සීමාවේ රට තුළ නිර්මාණය වූ අරගලයේ ප්‍රධාන සාමාජිකාවක් ලෙස කටයුතු කළ නිසයි.ඉන් අනතුරුව දමිතා දේශපාලන වේදිකාවටත්  ගොඩ වුණා.මේ කියන හේතු කාරණා රැසක් නිසාම බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වෙච්ච චරිතයක් බවට පසුගිය කාලසීමාව පුරාවටම ඇය පිළිබඳව කතා වෙන්න පටන් ගත්තා.

බොහෝ දෙනෙක් දන්නවා දමිතාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව කතා කරද්දි ඇය විවාහ වුණේ යෞවන විය ඉක්මවා මැදි වියට ආවට පස්සෙ.ඇයගේ කේන්දර තිබ්බලු ඇයට විවාහ ජීවිතයත් සාර්ථකව ගත කරන්න බැහැ කියන දේ.නමුත් අද ඇය විවාහ ජීවිතය තුළ ගොඩක් සතුටින්.හැබැයි ඇය පුංචි කාලේ නම් ආස කරනවා අම්මා කෙනෙක් වෙන්න.

විවාහ වෙලා වසර ගණනාවක් ගත ගණනාවක් ගත වුණත් තාමත් ඇයට ඒ සිහිනය ලඟා කරගන්න හැකියාව ලැබිලා නැහැ.එනිසාම ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී දමිතා කිව්වේ මේ වගේ කතාවක්

“අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුනොත් මගේ ජීවිතය සම්පූර්ණයි.මං ආදරයෙන් බලාපොරොත්තු වෙනවා.ඒක වෙයි කියලා හිතනවා.අම්මා කෙනෙක් වෙන එක තමයි පොඩි පොඩිකාලේ ඉඳංම තිබිච්චි ලොකුම හීනය.”

ඉතින් අය ඔන්න ඔය විදියට තමයි සංවේදී වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවේ.ඉතින් ඇගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා කියා අපිත් ප්‍රාර්ථනා එක්කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *