Siri Lankawa

Web Postal

ලකී ඩයස් එක්ක සම්බන්ධයක් තිබ්බ කියලා මාලනී ෆොන්සේකාට මාව එපා කරවන්න ගොඩක් අය ට්‍රයි කරා දමිතා සංවේදී වෙමින් කළ ප්‍රකාශය.

අපේ ටෙලිනාට ක්ෂේත්රය තුළ දක්ෂ ආදරණීය රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න කියන්නේ.ඇය කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළ තුල ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වුණා.ඒකට මූලිකම හේතුව දමිතා කියන්න තියෙන දේ මූණටම කියන්න දෙපාරක් හිතන්නේ නැති කෙනෙක් නිසයි.

ඒ වගේම මතක් කරන්න ඕනේ නම් දමිතා අබේරත්න කියන්නේ ටිකක් වයස පහු උනාට පස්සේ විවාහ ජීවිතය පටන් ගත්තු කෙනෙක්.ඊට කලින් ඇය සම්පූර්ණයෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සහ සිනමාවට තමයි ඇයගේ විවේක කාලය කැප කළේ.කෙසේ නමුත් අද වන විට සම්මානනීය ජාත්‍යන්තර තලය ජයගත් දමිතා එදා ඇය ආ ගමන් මඟ පිළිබඳව හරි අපූරු කතාවක් කිව්වා.

හැබැයි මේ කතාව හරි සංවේදී කතාවක් .ඇයගේ දියුණුව දිහා බලාගෙන ඉන්න බැරි පිරිසක් ඇය වෙනුවෙන් ගොතපු කතාවක් කියලා තමයි ඇය කිව්වේ.ඉතින් දමිතා ඒ කතාව කිව්වේ මෙන්න මේ විදියටයි.

“ජීවිතයේ මම වැරදි කරන්න බය කෙනෙක්.මම ජාත්‍යන්තර සම්මාන ගෙන කොටත් මෙහෙ එක්තරා ජනප්‍රිය නිළියක් කිව්වා ඕක මුහුදින් මෙහාට ජාත්‍යන්තර වෙන්නෑ කියලා.ඒ ආකාරයෙන් පුදුම විදිහට අපහාස කළා. මං හරි අවංකවම කතා කරන්නම්.මාලනි ෆොන්සේකා මහත්මිය කියන්නේ මම මේ ක්ෂේත්‍රයේ වැඩිපුරම ගරු කරන කෙනා අදටත්.ඉතිං මට ගොඩක්ම දුක හිතෙන කතාව තමයි ලකී ඩයස් අයියව පාවලා දීලා මට හදපු කතාව.මට හිතාගන්න හිතා ගන්න බැරි වුනා ඒ කතාව ඇයි මට මෙහෙම කතා කරන්න කියලා හිතුනා.එක්තරා අවස්ථාවකදි මාලනි අක්කා වැඩසටහනකට ගෙන්නලා ඇය කිව්වා මගේ ජීවිතේ මාව දකිනවා මම දමිතාගෙන් කියලා. ඉතින් මේක දරාගන්න ගොඩක් අයට බැරි වුණා.එනිසා මාලිනී අක්කට මාව එපා කරවන්න එයාලා කතාවක් හැදුවා මම ලකී අයියත් එක්ක යාළුයි කියලා.”

ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇය මුහුණ දීපු ඒ සංවේදී සිදුවීම පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුනෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *