රියැලිටි ෂෝ එහෙකින් ආවත් මම එයාට ගරු කලා.ආයෙනම් මූණට වත් හම්බෙන්න එපා.කාවින්ද්‍යා ප්‍රසිද්ධ පුද්ගලයකුට බැන වදී
කවින්දයා අදිකාරි එහෙමත් නැත්නම් සමිතා මුදුන්කොටුව කියන ප්‍රසිද්ධ ගායිකාව සහ අතුල අධිකාරිගේ ආදරණීය එකම දියණිය තමයි ඇය.ඇය ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක් කවින්ද්‍යා ගැන දන්නවා කාවින්දයා කියන්නේ දක්ෂ ගායිකාවක් ඒ වගේම රංගන ශිල්පිනියක් ඊටත් අමතරව වැඩසටහන් නිවේදිකාවක් විදිහටත් ඇය කටයුතු කරනවා.
කලා ලෝකයට ඇවිල්ලා ඉතාමත් කෙටි කාලයක් තුල රංගනය ගායනය නර්තනය කියන හැම පැත්තෙම දක්ෂතාවයන් පෙන්නන්න ඇයට හැකියාව ලැබීමම වාසනාවක්.සමාජ මාධ්‍ය වලත් කාවින්ද්‍යා කියන්නේ ප්‍රසිද්ධ චරිතයක්.
හයම අවස්ථාවකදීම තමන්ට ආදරය වෙනුවෙන් විඳින්නට ලැබෙන අත්දැකීම් පිළිබඳව ප්‍රේක්ෂකයන් එක්ක අදහස් හුවමාරු කරගත්තා.ඉතින් පසුගිය දවසකත් අය සමාජ මාධ්‍ය ගිනුමට ක්ෂේත්රයේ ම පුද්ගලයකුට බැනවදිමින් සටහන් කිහිපයක් එකතු කරලා තිබ්බා.
ඉතින් ඒ සටහන් වල මේ පුද්ගලයා කවුද කියලා සඳහන් කරලා තිබ්බේ නැහැ හැබැයි පුංචි ඉඟි කීපයක් දීලා තමයි කාව්‍යයක් මේ පුද්ගලයාට සැර ප්‍රකාශයක් කරලා තිබ්බේ.ඇය ඒ ආකාරයෙන් එකතු කල සටහන පහතින් උපුටා දක්වා ඇත.
“සමහර උන් කොච්චර වැරදි වුනත් ඔවුන් ගැන පිට පිට හැමදාම හොඳ කිව්වා අපිටයි ගහන්න ඕනේ.ගෑණියෙක්ව හිතන්න කියන දේවල් වලට කැමති කරගන්න බැරි උනහමගෑණුන්ගෙ ඇඟට එනවා කියලා තමයි කතා හදලා වටේට කියවන්නෙ.තමුන් කරපු කරන කුණු වැඩ වලට කවදාවත් නම් සැනසීමක් ලැබෙන්නැහැ.උදේ දවල් රෑ පන්සල් ගියා කියලා පව් නැති වෙන්නැහැ.හරි විදිහට ජීවත් නොවුනොත්.රියැලිටි ෂෝ එකින් ආවත් මම පුදුම රෙස්පෙක්ට් එකක් හිතේ තියන් හිටපු එකෙක් උනාට ආයෙ මගේ මූනට හම්බ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා”
අවසානයේ ඇය සඳහන් කරලා තිබුනා වැඩිපුර උපාසක ටෝක් දෙන අයගෙන් තමයි අපි හොඳටම පරිස්සම් වෙන්න ඕනි කියලා.
