මම පුංචි කාලේ ඉඳන්ම ගාන්නෙ බේබි ක්‍රීම්.හම සුදුවෙන ක්‍රීම් ක්රීම් වර්ග නම් මම කවදාවත් ගාලා නැහැ
කලා ලෝකය තුළ ඉන්න කටකාර හැඩකාර දඟකාර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ.ඇය පුංචි තිරයේ ටෙලි නිර්මාණයක් හරහා හැමදාමත් අපිට දැක බලාගන්න අවස්ථාව ලැබුණේ කටකාර චරිතත් එක්ක.සැබෑ ජීවිතයේදී ලෝචනා ටිකක් කටකාර තරුණියක්.
ඒ වගේම තමයි මේ වෙද්දි පුංචි පුතෙකුගේ මවක් වන ඇය කලා කටයුතු වෙනුවෙන් ලංකාවට වෙලා ඉන්නවා.හැබැයි පුතයි සැමියායි මේ වෙද්දි ඉන්නේ නෙදර්ලන්තයේ.ලෝචනාට ඕනේ උනහම ඇය පුතාව ලංකාවට ගෙන්න ගන්නවා.ඇයත් ඉඳලා හිටලා ඔවුන්ව බලලා එන්න යනවා කියලත් සඳහන් කලා.
දරු ප්‍රසූතියට කලින් ඇය කලා කටයුතුත් එක්ක එකතු වුණේ නැහැ.එවගේම තමයි පුතා ටිකක් ලොකු වෙනකම්ම පුංචි තිරයෙන් වත් රිදී තිරයෙන් වත් ඇයව බලන්නට අපට අවස්ථාවක් ලැබුණෙත් නැහැ.හැබැයි දැන් පුතාට ටිකක් තේරෙන වයස නිසා ලෝචනා තීරණය කරලා තියෙනවා ආයෙමත් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න.
එදා වගේම අදටත් ඇය හරිම ලස්සන රංගන ශිල්පිනියක්.ගොඩක් අය අහනවා අම්මා කෙනෙක් වෙච්චි ඇය මේ විදිහට කොහොමද ඇඟ ලස්සනට තියාගන්නේ කියන ප්‍රශ්නේ.ඉතින් ඒ දේවල් වලට ලෝචනා කිව්වේ මේ වගේ කතාවක්.
“සමේ පැහැය වැඩි කර ගැනීමට ඉඩක් ලැබුනු වෙලාවට වෙනිවැල්ගැට කුඩු,සුදු හඳුන් කුඩු,කහ ඇතුළු සියලුම දේවල් එකට එකතු කරලා ඇල්වතුරෙන් මිශ්‍ර කරලා මුහුණේයි ඇගෙයි ගාලා සෝදා හරිනවා. මේ නිසා දීප්තිමත් පෙනුමක් මට ලැබෙනවා.හම සුදුවෙන ක්රීම් වර්ග නම් මම කවදාවත් පාවිච්චි කරලා නැහැ.මම පුංචි කාලේ ඉඳලම ගාන්න පුරුදු වෙලා හිටියේ baby cream.දැනටත් මම චූටි පුතාගේ cream එකෙන් අරන් ගානවා.”
ඔන්න ඕක තමයි ලෝචනාගෙ ලස්සන වෙන එකේ රහස.ඇය සෑම අවස්ථාවකදීම පාවිච්චි කරන්න ස්වභාවික ශාක සාරයන්ගෙන් අනූන නිෂ්පාදන පමණයි.ඒ වගේම තමයි ඇයට තියන මේ ස්වභාවික ලස්සන නිසා ගොඩක් තැන් වලදි ආකර්ෂණීය පෙනුමක් ලෝචනාට ලැබිලා තියෙනවා.ඉතින් ඒ ලස්සනත් එක්ක තවත් බොහෝ කාලයක් කලාව තුළ හොඳ නිර්මාණත් එක්ක එකතු වෙන්න ඇයට හැකියාව ලැබේවා කියා අපිත් අපි ප්‍රාර්ථනා කරන්නෙමු