මගේ මලමිනියකට වත් දේශපාලනඥයෙක් එන්න එපා.මධුමාධව අරවින්ද සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය
මුලින්ම ගායන ශිල්පියෙක් විදිහට කලා ලෝකයට අවතීර්ණ වන ඔහු ඔබ අප කවුරුත් දන්නා ආදරණීය කලාකරුවෙක් වන මධුමාධව අරවින්දයි.මධුමාධව ගැන කතා කරද්දී පසුගිය කාලසීමාව පුරාවටම ඔහු ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වුණේ දේශපාලන වේදිකාව තුළ දේශපාලනඥයෙක් ලෙස කටයුතු කරපු නිසයි.
නමුත් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේ දී දේශපාලනයන් සමඟ එකට හිඳගැනීමට අකමැත්ත පළ කල මධුමාධව ප්‍රසිද්ධියේ ඒ සජීවී විකාශය අතරතුර මේ භූමියෙන් මා ඉවත් වෙනවා කියන ප්‍රකාශයක් කරමින් වැඩ සටහනෙන් සමුගත්තා.
.ඒකට මූලිකම හේතුව තමයි ඔහු දේශපාලනය තුළ නිරත වුණත් පසුකාලීනව ඔහු දේශපාලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරපු නිසයි. එනිසාම ඔහු තමන්ගේ ආදරණීය බිරිඳත් සමග එකතුවෙලා සමඟ එකතු වෙලා විවිධ ආකාරයේ සමාජ වැඩ කටයුතුවල නිරත වුණා.
දැඩි ලෙසම මධුමාධව සඳහන් කළේ නැවත කිසි දිනක ඔහු දේශපාලනයට එන්නෑ කියන කතාවයි.කෙසේ නමුත් පසුගිය දවසක නැවත වතාවක් ඔහු බොහෝ දෙනෙක්ගෙ අවධානය යොමු වන ආකාරය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිද්ධ කරනවා සිද්ධ කරනවා මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ ඔහුගේ මලගමත් සම්බන්ධ කරමින්.
“මම සාමාන්‍යයෙන් නිවුස් බලන්නෑ මම නිවුස් එකක් වෙන්න තමයි උත්සහ කරන්නේ.දේශපාලනයෙන් අයින් වුණා කියන්නේ අයින් උනාම තමයි.ඒ කියන්නේ මින් එහාට හැමදාමත් කියනවා වගේ මගේ මිනිහට වත් දේශපාලනඥයෙක් එන්න එපා කියලා මම කියනවා.හැබැයි තරහින් නෙවෙයි.මට පුළුවන් එහෙම කියන්න.මම කවදාවත් ඔවුන්ගෙන් යැපිලත් නැහැ යැපේන්නෙත් නෑ’
ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි මධුමාධව ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක් සමග එකතුවෙලා ඔහුගේ ජීවිතයේ ඔහු ගත්ත ඒ සුවිශේෂී තීරණය පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.