මගේ වයස 46යි.මගේ පෙම්වතා මට වඩා බාල නිසා ඔහු කැමති නෑ මගේ වයස කියනවට
මේධා ජයරත්න කියන්නෙ පුංචි තිරය හරහා කාලෙන් කාලෙට විවිධ නිර්මාණත් එක්ක එකතු වෙලා ඉන්න දක්ෂ කලා කලාකාරිනියක්.ඇය සම්බන්ධයෙන් කතා කරද්දී ඇයත් එක එක අවස්තාවන් වලදී නිවේදිකාවක් තවත් අවස්ථාවකදී රංගන ශිල්පිනියක් විදිහට තමයි කලාව තුළ විවිධ වැඩ කටයුතු කරන්නේ.
මෙදා වැඩි වශයෙන්ම ඒකාංගික නාට්‍යයත් එක්ක තමයි එකතු වෙලා හිටියෙ.හැබැයි මේ දවස් වල නම් ඇය පුංචි තිරයෙන් නිතර නිතර දකින්න නැහැ.හේතුව ඇයට සාමාන්‍යයෙන් ලැබෙන රංගන ආරාධනා වලට ඒ අදාළ අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරුන් ඇයගේ ගාන ගෙවන්න කැමති නැහැලු. එනිසා මෙදා අඩු පඩියට වැඩ කරන්නෙත් නැහැ කියලා සඳහන් කරනවා.
ඒ වගේම තමයි කොයි කවුරුත් හොඳින්ම දන්න දෙයක් මේදා කියන්නේ ආදරණීය දුවෙකුගේ සහ පුතෙකුගේ අම්මා කෙනෙක්.හැබැයි මේ වෙද්දි නම් ඇය විවාහ ජිවිතෙන් වෙන්වෙලා.දරුවෝ දෙන්නා ම ඇයගේ කලින් ස්වාමිපුරුෂයා ගාව තමයි හැදුනේ.
කොහොම නමුත් බොහෝ කාලයක් තනිකඩව හිටපු අය ඇය අද වන විට ආදරණීය පෙම්වතියක්.ඇයගේ පෙම්වතා ඇයට වඩා ටිකක් ලා බාලයි කියලා තමයි ආරංචි වෙන්නේ ඒ දේවල් සම්බන්ධයෙන් මේදා කිව්වේ මේ වගේ කතාවක්.
“මගේ ජීවිතය මට වැටෙන්නේ නැතුව ඉන්න ශක්තිය දෙන කෙනෙක් මගේ පිටිපස්සේ සෙවනැල්ල වගේ ඉන්නවා.වෙලාව ආවහම ඒ කෙනා කවුද කියලා කියන්නම්. මගේ වයස අවුරුදු 46යි.මගේ වයස කවදාවත් හංගන්නේ නෑ.මගේ පෙම්වතා මට වඩා බාල නිසා ඔහු කැමති නෑ මගේ වයස කියනවට.ඒත් ඇයි අපි වයස හංගන්නේ.මගේ වයසට මම මාව මේන්ටේන් කරනවා.”
ඔන්න ඔය විදියට තමයි මේදා ඇගේ සැබෑ ජීවිතය තොරතුරු සම්බන්ධයෙන් පුවත් පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.