අපිටත් ඉවසීමේ සීමාවක් තියෙනවා.මහමග සිදුවුනු බහින්බස් වීම ගැන නර්මදා යාපා කියපු කතාව
අපේ කලාව තුළ මේ දවස් වල ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගත්තු ඒ වගේම ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය කලාකාරිනියක් තමයි නර්මදා යාපා කියන්නේ.ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් කරලියට ආපු කලාකාරිනියක්.ඒ වගේම තමයි නර්මදා ගැන කතා කරද්දී ඇය රූප රාජිණි තරගාවලියක් ජයග්‍රහණය කරලා නිරූපණ ක්ෂේත්‍රය තුළත් තැනක් හදා ගත්තා.
මුලින්ම නිරූපිකාවක් විදිහට ශේත්‍රයට ආපු අය අද වන විට වනවිට ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක නිවේදිකාවක් විදිහටත් වැඩ කටයුතු කරනවා.ඉතින් ඒ නිසාම තමයි වර්තමානයේ දී ඇය ගැන ගොඩක් දෙනෙක් දන්නේ.මුලින් ඇය කසාද බැන්දා තේ ජීවිත සාර්ථකව ඉදිරියට අරගෙන යන නර්මදාට හැකියාව ලැබුණේ නැහැ.
මෙවැනි වෙද්දි ඇය නැවත වතාවක් ආදරේ කරන්න පටන් අරන්.ඉතින් පසුගිය දවසක නර්මදාගේ පෙම්වතා සහ ඇය මහරගම ප්‍රදේශයට ගියපු අවස්ථාවකදී වාහනය කඩයක් අසල නවත්තලා ගියපු හේතුවක් නිසා ඒ කඩේ හිමිකරු සහ නර්මදා අතර බහින්බස්වීමක් වුණා.ඒ කඩේ හිමිකරු කියන්නේ කඩේ ගාව වාහනය නතර කරපු නිසා තමයි ඒගොල්ලෝ ඒ විදිහට කෑ ගැහුවේ කියලා.හැබැයි නර්මදා මේ සිද්දිය ගැන කිව්වේ මේ වගේ කතාවක්.
“හැමදාම මිනිස්සු බෑනෙ හරිම දේ නොදැන.ඕනෑම දෙයක් හරි ආකාරව නොදැන කිසිම කෙනෙක්ට බනින්න එපා.පාරේ ඕනෙම කෙනෙක්ට තව කෙනෙක්ට කරදරයක් නොවන විදිහට වාහනයක් නවත්තන්න පුළුවන්. මෙතනදී ඉවසීමේ සීමාව උපරිමයට යනකම්ම සමාව ඔවුන්ගෙන් ඉල්ලලා බැරිම තැන තමයි මේ විදියට මටත් කතා කරන්න ඕනේ.අපි නිලියො හෝ කවුරුන් හෝ වේවා අපිත් මිනිස්සු.අපිටත් ඉවසීමේ සීමාවක් තියෙනවා ඒ නිසා ඉතාම කරුණාවෙන් හැමෝගෙන්ම ඉල්ලන්නේ එතන වුන දේ හරි එයා කාරව දැනගෙන විනිශ්චය කරන්න කියලා”
ඉතින් ඒ විදිහට අදහස් දක්වලා තිබ්බා ඇය අවසානයේ දී සඳහන් කරන්නෙත් දිගින් දිගටම ඇයට මඟ දිගට මේ සිද්ධිය නිසා මරණීය තර්ජන පවා එල්ල වුණා ලු මේ අදාල පාර්ශ්වයෙන්.ඒ නිසාම මේ සිදුවීම සම්බන්ධයෙන් ඇය පොලිසියට පැමිණිල්ලක් කළා.ඉතින් පොලිස් විමර්ශන කටයුතුත් සම්බන්ධයෙන් සිද්ද කරනවා කියලත් ඇය සඳහන් කළා.