Siri Lankawa

Web Postal

විවාහ වුණු මුල් කාලයේ අපිට ලස්සන ඇඳුම් අරගෙන ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න සල්ලි තිබ්බේ නැහැ

දසක ගණනාවක් තිස්සේම ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ වැජඹෙන තරුවක් වෙච්ච ආදරණීය කලාකරුවෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ.ඔහු ගැන කතා කරද්දී ඔහු  ෆ්ලෑෂ්බෑක් සංගීත කන්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන පූර්වාදර්ශී චරිතයක්. රොෂාන්ගේ සංගීත ජීවිතය ආරම්භ වෙන්නේ මේ ෆෑලෑෂ් බෑක් සංගීත කණ්ඩායම ආරම්භ කරාට පස්සේ.

ඊට පස්සේ ඔහුගේ ජීවිතයට ආදරණීය සහකාරියක් මුණගැසුනා ඇය නමින් තිළිණි.තිළිණි ගෙන් ඔහුට ලැබුණු  සහයෝගය නිසාම තමයි අද වන විට රොෂාන් ප්‍රනාන්දු කියන මේ දැවැන්ත චරිතය නිර්මාණය වුණේ.උදෑසන අවදි වූ වෙලේ පටන් රාත්‍රී නින්දට යන තෙක්ම ගෙදර දොරේ වැඩ කටයුතු කරන ඇය සතුටින් තියන්න ඕනෙ කියන තැන තමයි රොෂාන් හැම වෙලාවෙම ඉන්නේ.

පසුගිය දවසක ඔවුන් දෙදෙනා ඔවුන්ගේ විසි වැනි විවාහ සංවත්සරය සැමරුවා ඒ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා.ඉතින් ඒ පිළිබඳව හැමෝම කතා කරද්දි රොෂාන් ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මේ වන කොට මමත් මගේ බිරිඳ තිලිණිත් විවාහ වෙලා වසර විස්සක් වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි අපේ වෙලා ගීතය සහ ෆොටෝ ෂූට් එක කළේ.අපි විවාහ වුණු මුල් කාලේ අපිට ලස්සනට ඇඳුම් ඇරගන්න ලස්සන ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න මුදල් තිබ්බෙ නැහැ.ඒ නිසා අපි දෙන්නා හිතුවා දැන් හරි එදා අපිට කරන්න බැරිවුණු දේ කළ යුතුයි කියලා.”

ඉතින් ඔන්න ඔය විදියට තමයි ඔවුන්ගේ ඒ සුන්දර දවස හැඩ වැඩ උනේ.අපිත් මේ ආදරණීය කලාකරුවන් දෙදෙනාට සුභ විවාහ සංවත්සරයක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *