Siri Lankawa

Web Postal

මට හොඳට කන්න පුළුවන්.කවුරුහරි පාරෙදි මොන හරි කකා හිටියොත් මට අනිවාර්යෙන්ම ඒක කන්න ඕනේ

අවුරුදු කුමාරි තරගාවලියක් හරහා රංගන ශිල්පිනියක් වෙන්න වාසනාව ලබපු ක්ෂේත්රය තුළ දක්ෂ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ.ඇය ගැන කතා කරද්දී ඕනෑම කෙනෙක් සංජානා ගැන දන්නවා.ඒ වගේම තමයි ටෙලි නාට්‍යය කලාවට එනවට ගෙදරින් අම්මයි තාත්තයි දෙන්නම කැමති වෙලා නැහැ.

හැබැයි අම්මටත් වඩා තාත්තා තමයි අකමැති වෙලා තියෙන්නෙ. කොහොම නමුත් ගොඩාක් අමාරුවෙන් තාත්තගෙන් අවසරය ගත්තු සංජානා කලාවට එනවා.ඊට පස්සේ කලාවට ආපුහාම ඇය රූගත කිරීම් කරන්න යන හැම දවසකම  ඇයත් එක්ක යන්නේ ආදරණීය අම්මා.

හැබැයි අවාසනාවකට මීට වසර කීපයකට කලින් සංජානා ගේ ආදරණීය අම්මා පිළිකා  රෝගී තත්ත්වයකින් මේ ලෝකෙන් සමු ගත්තා.ඉතින් ඒ සිදුවීම නිසා සංජානා ගොඩක් හිත් තැවුලෙන් තමයි ජීවිතය ගත කළේ.  කොහොම නමුත් ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී ඇය පසුගිය කාල සීමාවේදී විවාහ ගිවිස ගන්න තීරණය කළා.

සංජානගේ පෙම්වතා ඉන්නෙ විදෙස්ගත වෙලා.ඇයත් මෙම උනාට පස්සේ විදෙස් ගත වෙන්න බලාපොරොත්තුවකින් ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ.ඉතින් ඒ දේවල් ඒ විදිහට සිද්ධ වුණත් ඇය තාමත් කලාවත්  එකතු එකතුවෙලා වැඩ කටයුතු කරනවා.

කොයි කවුරුත් දන්නවා සංජානා කියන්නේ රහට කන්න ආස කරන කෙනෙක් කියන්න.ඇය විවිධ කෑම ජාති අත්හදා බලන්න සහ ඒවා රස විඳින්න ගොඩක් ආස කෙනෙක්.ඉතින් එක්තරා අවස්ථාවකදි ඇය තමන්ගේ ඒ ආසාව ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මට කොච්චර කාලා බඩ පිරුණත් කවුරු හරි මොනවා හරි කනවා දැක්කහම මට ඒක කන්න ඕනේ.ඉතින් අපි කෑම වර්ග ගොඩක් තියෙන තැනකට ගියාම එකතැනකින් කද්දු අනිත් තැනින් කන කෑම වන සුවඳ එනවා.එතකොට ඒ වටේම ඉන්න අය කන කෑම මට කන්න ඕනි.ඒව කන්න මගේ බඩේ ඉඩ තියෙනවා.අනේ මන්දා මට හොඳට කෑව හැකියි”

ඉතින් ඔන්න ඔය විදියට තමයි සංජානා හැමෝම හිනස්ස මින් හිනා වෙමින් ඇය කන්න කැමැති කෑම ගැන කිව්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *