Siri Lankawa

Web Postal

අපි අපේ වෙන්න තව ටික දවසයි.ගොඩක් ආදරෙයි.ශලනි sugar daddy ගැන කියන අලුත්ම කතාව 

මේ දිනවල වැඩි වශයෙන් ම සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක් කෙරුණු රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.බොහෝ දෙනෙක් දන්නවා පසුගිය දවස් වල ඕස්ට්‍රේලියාවේ පැවති ක්‍රිකට් සංචාරක අවස්ථාවකට රජයේ මුදලින් සහභාගි වුණා කියන චෝදනාව මත ශලනි බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා.

ඒ අතරින් තවත් බහුතරයක් දෙනා කිව්වේ ඇය ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉහළ තනතුරු දරන පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඉන්නවා කියන කතාවයි.හැබැයි සලනී කිසිම අවස්ථාවක මේ සම්බන්ධයෙන් විවෘතව අදහස් ප්‍රකාශ කළේ නැහැ.

ඒ වගේම සමාජ මාධ්‍ය හරහා බොහෝ වෙලාවට ඕනවටත් වඩා මේ කතාවට වැඩිපුර දාලා නිර්මාණය කරපු තොරතුරු තමයි හෝ මාරු වෙන්නේ.එනිසා මේ දේවල් වල සත්‍යය අසත්‍යය පිළිබඳව අපිට නිගමනය කරන්න බෑ.

කෙසේ නමුත් මේ උණුසුමත් එක්ක ශලනි පසුගිය දින ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා ඇයගේ පෙම්වතාගේ උපන්දිනය වෙනුවෙන් හරි ආදරණීය උපන්දින සුභ පැතුමක් එකතු කරන්නත් අමතක කරලා නැහැ. ඇයගේ පෙම්වතා විදෙස් ගත වෙලා ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ ඒ වගේම ඔවුන් දෙදෙනා ඉතාම නොබෝ දිනකින් විවාහ වෙන්න සූදානම් කියලත් සඳහන් වෙනවා.

ඉතින් ඇයගේ ජීවිතය ඇයට මීට අවුරුදු 3කට කලින් හම්බවෙච්ච සුවිශේෂී පුද්ගලයා පිළිබඳව ශලනි පල කෙරූ සටහන පහතින් උපුටා දක්වා ඇත.අවසානයේ ඇය my sugar daddy කියන hashtag එකක් සමගින් තමයි මේ සටහන පළ කරලා තිබුණේ.

“ආදරෙන් දුක් විදපු හැම කෙල්ලෙකුටම හම්බවෙන්න ඕනි 

ඔයා වගේ කොල්ලෙක්..

අඩන්න හේතු දාහක් තියෙද්දි

හිනා වෙන්න එක හේතුවක් දිලා 

හිත සනසන ඔයා වගේ පිරිමියෙක්..

තරහගන්න දේවල් ඇස්දෙකට පෙනෙද්දි

ඉවසන්න උගන්නපු

භාවනාවක් වගේ කොල්ලෙක්..

අත නොතියපු නාමල් හැමෝම හොයද්දි

කටුපිරිනු රෝසමලකට වටිනාකමක් දෙන

හිතහයිය පිරිමියෙක්..

මිනිස්සු දාහක් ගල් ගහද්දි

නොසෙලවී රැකගත්ත

ඔයා වගේ පිරිමියෙක්…

අවුරුදු තුනක් පුරාවටම හැමදාම මට හිනාවෙලා ඉන්න හේතු දුන්නට, ඇත්ත ආදරේ මොකක්ද කියලා ඉගැන්නුවට, ඒ විස්වාසයට,ඉවසීමට ,කවදාවත් ඇහැට කදුලක් නොදුන්නට ස්තූතියි මැණික. 🥹

ඇත්තමයි ආදරෙන් අසීමාන්විතව දුක් විදපු හැම ගැහැනියකටම අවසානයේ හරි සැනසෙන්න හමුවෙන්න ඕනි ඔයා වගේ පිරිමියෙක්. 

අපි අපේම වෙන්න තව ටික දවසයි.

ඔයාව මට හම්බ වුනාට හැමදාම මං දෙවියන්ට ස්තූති කරනවා.

සුභ උපන්දිනයක් බබා 🥰

ආදරෙයි ගොඩා….ක්…❤️

Enjoy your last bachelor birthday 🎂

#mysugardaddy  🤪”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *