Uncategorized

Fb එකේ ඉන්න බයියොන්ට ඕනේ විදිහට ද අපි අඳින්න පළඳින්න ඕනේ පියුමිගෙන් සැර කතාවක්

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රියම කාන්තාව කවුද කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් සඳහන් කරන්නේ පියුමි හන්සමාලි කියලා. පියුමි කියන්නේ ඒ තරම්ම  ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූ කෙනෙක්. ඇයටම හිමි රූප සම්පත්තිය නිසා  මේ ප්‍රසිද්ධිය ඉතාමත් ඉක්මනින් ලබා ගන්න පියුමිට අවස්ථාව උදා වුණා.

නිරූපණ ක්ෂේත්‍රය තුළ දක්ෂ නිරූපිකාවක් විදිහට කටයුතු කරන පියුමි නිරූපිකාවකට අමතරව විවිධ මියුසික් වීඩියෝ සඳහා තමන්ගේ රංගන දායකත්වය ලබා දෙන්නත් අවස්ථාව ලබා ගත්තා. ඒ වගේම තමයි  ටෙලි නාට්‍යය රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළින් අපිට ඇයව දැක බලා ගැනීමටත් අවස්ථාව අවස්ථා උදාවේ යැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පියුමිට ආදරණීය පුතෙක් ඉන්නවා. මේ පුතත් එක්ක ඉතාමත් හොඳ සුන්දර ජීවිතයක් ගතකරන පියුමි නටලා කරලා විනෝදයෙන් ඉන්න තමයි ගොඩක් වෙලාවට ආස. ඒ නිසාම විවිධ ආකාරයේ විලාසිතාවන් අනුගමනය කරන්නත් පියුමි අමතක කරන්නේ නැහැ.

වසරකට වතාවක් පැවැත්වෙන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට පියුමි විසින් විවිධ ආකාරයේ විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම් අඳින නිසා  ඒ කාලෙට  ඒ පිළිබඳව අවධානයෙන් බලන පිරිස් ඉතාමත් වැඩියි. පහුගිය කාලයේ ඇය අනුගමනය කරපු විවිධ විලාසිතාවන් බොහෝ දෙනෙක් වැරදි විදිහට තමයි දැකලා තියෙන්නේ.

ඇයි ඔහොම අදින්නේ ලැජ්ජ නැද්ද ඔහොම අදින්න කියන ප්‍රශ්න පියුමිගෙන් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. නමුත් විලාසිතාවක් කරනවා කියලා කියන්නේ ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට කැමැත්ත මත තීරණය වන දෙයක්. වැඩිපුර විලාසිතා කරලා ලස්සනට ඇඳලා කරලා ඉන්න කැමැති කෙනෙක් නිසා පියුමි කරන විලාසිතා පිළිබඳව තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න නම් අමාරුයි.

පසුගිය දිනක ආචාර්ය ආශා ඩි වොස් ගේ  ඇඳුම සම්බන්ධයෙන් දාපු පෝස්ට් එකක් උපුටාගෙන පියුමිගේ විලාසිතාවන් වලට බයින මිනිසුන්ට ඇය පිළිතුරු දුන්නේ පහත ආකාරයේ සටහනක් මුහුණු පොතට එකතු කරමින්.

ඇත්තටම අපේ මේ ලංකාවෙ මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද අනුන්ගේ ඇඳුම ගැන සොයන්නේ shit. තමන්ගෙ වැඩක් බලන් ඉන්නම බැරි ජරාම ජාතියක් එයාට කැමති විදිහට එයා පැෂන් කරන්නේ. මේ එෆ්බී එකේ බයියොන්ට ඕනි විදිහට ද අපි අඳින්න පළඳින්න ඕනේ.

ඇය ඒ විදියට තමයි තමන්ගේ අදහස මුහුණු පොතේ සටහන් කළේ. කොහොම නමුත් තමන්ට ගැලපෙන ඇඳුම තීරණය කරන්න ඕනේ තමන් ම තමයි. ඒ නිසා තව කෙනෙක්ගෙ විලාසිතා වලට අපිට බලපෑමක් කරන්නට බැහැ. ඉතින් කවදත් ලස්සනට ඉන්න කැමැතියි පියුමිට ඉදිරි ජීවිතය සාර්ථක කරගන්නට ශක්තිය   ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.